. » Sinhala
Sri Lanka – The latest developments
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පරාජිත ආවේශයේ කූඨ ප‍්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංසෝධනය
අවසානය පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාව බහුපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත් වීම සඳහා අවශ්‍ය කැරෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඉක්නින්ම ශ‍්‍රී ලංකාවේ නීතිය බවට පත් වනු ඇත.
අරුමය නම් මෙම ව්‍යවස්ථා වෙනස සඳහා අවශ්‍ය දේශපාලන බලවේග සහ තර්ක ඔහු ලබා ගන්නේ කිසිදු ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී දේශපාලනයකට ඉඩක් නොතබා ඒක පාක්ෂිකවූත් ඒක අධිපතිවූත් රාජ්‍යක් පිහිටුවීම පිණිස සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ එහි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් පරදවා ලද ජයග‍්‍රහණය මතින් වීම යි. දැන් ජයග‍්‍රාහකයා පරාජිතයාගේ දේශපාලන වේශයට ආරූඩ වෙමින් තිබේ. මෙම ව්‍යවස්ථා සංසෝධනය මෙම පරාජිත අවේශයේ කූට ප‍්‍රාප්තිය යි. මෙතැනින් එහාට යාමට අවශ්‍ය නැත. ආවේශය සම්පූර්ණ ය.
එල්ටීටීඊ ය සහ ශ‍්‍රී ලංකා රාජ්‍යය අතර පැවැති දීර්ඝ කාලීන යුද දේශපාලන ගැටුම විසින් විවිධාකාර තලයන් හි දී  දෙපාර්ශවය අනෙකාගේ ප‍්‍රතිබිම්භ බවට පත් විය. එය යුද්ධයක අනීවාර්්‍ය නොවන නමුත් විපාකයකි. පශ්චාත් යුද්ධ සමාජ එක්කෝ ගැඹුරු ප‍්‍රතිසංස්කරණ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානවවාදී බවට පත් වෙති. නැතහොත් යුද්ධයේ බොහෝ විසකුරු ලක්ෂන එලෙසම තබා ගනිමින් විවිධ මට්ටමින් අත්තනෝමතික සහ මානව විරෝධි සමාජ බවට පත්වෙති. පශ්චාත් යුද්ධ අත්දැකීම මේ තාක් දුරට පෙන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාව දෙවන තෝරා ගැනීම කරා ගමන් කරන බව යි.
එල්ටීටීය දෙමළ සමාජයෙ හි සිය ආධිපත්‍ය තහවුරු කර ගත්තේ දෙමළ දේශපාලනය තුළ පැවැති සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් අකාමකා දමමිනි. ඒ කරා දෙමළ දේශපාලනය තල්ලූ වී යෑමට තර්ක සහ පදනම සපයන ලද්දේ ප‍්‍රශ්චාත් නිදහස් ශ‍්‍රී ලංකාවෙහි දෙමළ ජනයා ගොදුරු වූ  විශම සැළකීමත් ඔවුන්ගේ ප‍්‍රජාත්නත‍්‍රවාදී ක‍්‍රියාමාර්ග ප‍්‍රචණ්ඩත්වයෙන් මැඩලීමත් නිසා බව වෙනම කරුණකි. එම ඉතිහාසය විසින් සන්නද්ධ විරුද්ධකම් පෑම සාධාරණ කළ හැකි නමුත් එල්ටීටීඊ යේ මානව සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලනය සාධාරණ කළ නොහැකි ය. එමෙන්ම එල්ටීටීඊ යේ මානව විරෝධී දේශපාලනය පෙන්වා පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාව අත්තනෝමතිකත්වයට ගෙන යාම ද සාධාරණ කළ නොහැකි ය.
එල්ටීටීඊ ය දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ සිය මූලිකත්වය තහවුරු කර ගත්තේ අනෙක් සියළු දෙමළ සටන්කාමී සංවිධාන විනාශ කර දැමීම සහ උරා ගැනීම මගිනි. අද දකුණේ දේශපාලනය තුල විපාක්ෂික දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන මුහුණ දී සිටින තත්ත්වය එයම නොවේ ද? එල්ටීටීයේ තුවක්කුව වෙනුවට අද පාවිච්චචි වන්නේ වරදාන සහ  බියගැන්වීම් ය. එමගින් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ දෙකඩ තෙකඩ කරනු ලැබ ඇත. නැතහොත් උරා ගනු ලැබ ඇත. අද ආණ්ඩුවේ දරුණූ ප‍්‍රහාරයට ලක්වන දේශපාලනඥයින් හෙට ආණ්ඩුවේම සුරතලූන් බවට පත්වෙති. දුෂ්ඨයා එක් සැණින් සුරතලා බවට පත් කැරෙන මන්ත‍්‍රය අන් කිසිවක් නොව වරදාන හෝ බිය ගැන්වීම හමූයේ පෙන්වන නිරපේක්ෂ යටහත් පහත් බාවය යි. එල්ටීටීඊය යටතේ ප‍්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ දෙමළ සන්ධානය එදා මුහුණ දී තිබූ තත්ත්වයත් එයම ය.
එල්ටීටීඊ ය සිය අණසක පැවැති වන්නියේ ජනයාට එම ප‍්‍රදේශයෙන් පිටවීම තහනම් කරන තිබුණි. තාවකාලිකව හෝ වන්නි ප‍්‍රදේශයෙන් පිටවීම පිණිස විශාල මුදලක් හෝ පවුලේ අයකු ඇපයට තැබිය යුතු විය. අද ශ‍්‍රී ලංකා රාජ්‍යය යටතේ ද වන්නියේ එම ජනයා මුහුණ දෙන්නේ එම තත්ත්වයට ම යි. ඔව්න්ට  රාජ්‍ය බලධාරීන්ගේ අවසර නැතිව පදිංචි ස්ථාන පවා වෙනස් කිරීම තහනම් ය. එපමණක් නොව කොළඹ ජීවත්වන දෙමළ ජනයා පවා ලැයිස්තු ගත කරන්නට දැන් පටන් ගෙන තිබේ.
එල්ටීටීඊ ය සිංහල මුස්ලිම් ජනයා සිය පාලන ප‍්‍රදේශයන්ගෙන් පලවා හැරියේ ය. අපේක්ෂිත වූ ඊළාම් රාජ්‍ය ය ප‍්‍රායෝගික වශයෙන් තනි දෙමළ රාජ්‍යක් බව පෙනෙන්නට තිබුණි.  දැන් ශ‍්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනාවාස ප‍්‍රදේශයන් සිංහලකරණයෙහි නිරත වෙයි. ඊට හොදම උදාහරණයක් නම් දෙමළ ජනයාගේ සංස්කෘතික දායාදයක් වූ යාපනයේ බුදු දහමේ නෂ්ඨාවශේෂ සිංහල කැරෙමින් ඇති සැටිය. යාපනයේ බෞද්ධ නෂ්ඨාවශේෂ සහිත කන්තරෝදෙයි දැන් කදුරුගොඩ පුරාණ විහාරය ලෙස නම් කරනු ලැබ තිබේ. මෙම නෂ්ඨාවශේෂ දෙමළ බුදුදහමට අයත් ඒවා මිස සිංහල බුදු දහමට අයත් ඒවා නොවේ. මෙවැනි නිදසුන් බොහෝ ය.  එකදු සිංහලයකු හෝ වාසය නොකරන දෙමළ ප‍්‍රදේශයන්හි පාරවල් සඳහා සිංහල නම් තබා තිබේ.
එල්ටීටීඊය යටතේ කිසිදා ජනමාධ්‍ය නිදහසක් නොතිබුණි. එහි තර්කය වූයේ ජාතික විමුක්ති අරගලයක් කරගෙන යන බැවින් ඊට බාදා කැරෙන ජනමාධ්‍ය පැවැතීම හානිදායක බව යි. එම තර්කයම ණයට ගත් ශ‍්‍රී ලංකා රාජ්‍යය ජාතිය බේරා ගැනීමේ යුද්ධයක් පවතින බැවින් ඊට බාධා කැරෙන්නේ යැයි සැළකූ ජනමාධ්‍ය පැවැතීමට ඉඩ දුන්නේ නැත. යුද්දාවසානයෙන් මාස 16කට පසු අද පවා ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යට කළකට පෙර එය භුක්තිවිදි නිදහස නැති බව අලූතෙන් කීමට අවශ්‍ය නැත. එය ලැබෙන පාටක් ද නැත.
එල්ටීටීඊ ප‍්‍රදේශයන්හි පොලීසිය ද එල්ටීටීඊය ම විය. එයට නාමික නිදහසක් තිබුණි. අද පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ පොලීසිය අයත් වන්නේ පාලක පක්ෂයේ දේශපාලකයින්ට ය. නව ව්‍යවස්ථා සංසෝධනය විසින් පැවැති පොලිස් කොමිෂම ඉවත් කරනු ලැබ සියළු බලතල පොලිස්පති වෙත පැවරෙයි. පසුගිය කාලය පුරාම සිටි පොලිස්පතිවරුන් දේශපාලන අතවැසින් ලෙස සේවය කළ බවට කොපමණ චෝදනා එල්ල වී ඇත් ද? එල්ටීටීඊ පාලන ප‍්‍රදේශයන්හි අධිකරණය එල්ටීටීඊ යම වූ පරිදි පශ්චාත් ශ‍්‍රී ලංකා අධිකරණය ආණ්ඩුවේම එකක් වනවාට අප කැමැති ද?
එල්ටීටීඊයට එල්ල වූ එක් ප‍්‍රබල විවේචනයක් වූයේ එය ජය ලබා වෙනම රාජ්‍යයක් පිහිටුවනු ලැබුයේ නම් එය තනි පක්ෂයක් රාජ්‍යක් වනු ඇති බවත් ප‍්‍රභාකරන් එහි එකම නායකයා වනු ඇති බවත් ය. අද පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ කැරෙන්නට නියමිත ව්‍යවස්ථා වෙනසෙහි යටි අරුත ද එයම නොවේ ද?
ජනාධිපති රාජපක්ෂ සිය ජනවරම ලබා ගත්තේ සිය පළමු ධුර කාලයෙන් පසු විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට පොරෙන්දු වෙමිනි. දැන් ඒ වෙනුවට ඊට සහමුලින්ම  ප‍්‍රතිවිරුද්ධ ලෙස  සිය ජීවිත කාලය පුරාම වුව විධායක ජනාධිපති ලෙස තේරී පත්විය හැකි පරිදි ව්‍යවස්ථාව සංසෝධනය කර ගන්නවා ඇත. ශ‍්‍රී ලංකාවෙහි 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිධුරය උපරිම කාල සීමා දෙකකට සීමා කරනු ලැබ ඇත්තේ එම ධුරය සතු අතිමහත් බලතල සළකාගෙන ය.
දැන් මෙම සංසෝධනය මගින් ඇති තරම් කාලයකට ජනාධිපති ධුරයේ රුදී සිටීමට මහින්ද රාජපක්ෂ නීතිමය ආවරණයක් ලබා ගන්නේ මේ තාක් තිබූ බලතලවලට අමතරව මැතිවරණ, මානව හිමිකම්, අල්ලස් ¥ෂණ, අධිකරණ සහ රාජ්‍ය සේවා යනාදී කොමිෂන් සභා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයාටම ලබා ගෙන ය. මෙම කොමිෂන් සභා පිළිබඳ උපදෙස් දීමට විපක්ෂ නායකයාට හැකි නමුත් ජනාධිපතිවරයා ඊට සවන් දිය යුතු නැත. මේ වනාහී  ඕනෑම ඒකාධිපතියකු ඊර්ෂාවට ලක් කරන තරමේ බලතල ගොන්නකි.
මෙම ව්‍යවස්ථා සංසෝධනය අප තේරුම් ගත යුත්තේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන සංයුතිය ද පසුබිමේ ඇතිවය. එනම් ආණ්ඩුව තුළ රාජපක්ෂවරුන් සතු අතිමහත් සහ තීරණාත්මක බලය යි. නාමල් රාජපක්ෂගේ දේශපාලන ප‍්‍රතිරූපය ගොඩ නගනු ලබන්නේ ඊළඟ නායකයා කරනු පිණිස බව නොදන්නා අයකු අද ශ‍්‍රී ලංකාවේ සිටිය නොහැක. මෙම පසුබිම තුළ මෙම ව්‍යවස්ථා සංසෝධනය මගින් අදහස් කැරනෙ අරමුණ තේරුම් ගැනීම දුෂ්කර නැත.
මෙම ව්‍යවස්ථා සංසෝධන විසින් ශ‍්‍රී ලංකාව කෙටියෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් බවට පත් වෙයි. එය හැදින්වීමට වෙනත් වචනයක් නැත. එහි ප‍්‍රයෝගික දේශපාලන අරුත වන්නේ රාජපක්ෂ පාලනය එම ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයේ රූපකාය බවට බොහෝ කාලයක් සඳහා පත්වීම යි. කලකට ගොඩ ආ නොහැකි පසුබෑමකට ලක්ව සිටින දේශපාලන විපක්ෂය ද මෙම පසුබිමට එක් කල විට අපට ලැබෙන්නේ ඉතාම ඉතාම අදුරු චිත‍්‍රයකි.
සුනන්ද දේශප‍්‍රිය
05.09.2010
විදෙස් විත්ති විචාර
සුනන්ද දේශප‍්‍රිය
ශ‍්‍රී ලංකාව 66 වැනියා
අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාදක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත්  ඔබ වැදගත් කම දෙන්නේ කුමණ සාදක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය.
ලෝකයේ වැඩිම උණුසුම වාර්තා වී ඇති රට ලිබියාව ය. ඒ 1922 වසරේ සැප්තැම්බර් 13 දා ය. එදින ලිබියාවේ උණුසුම  සහිත සෙල්සියස්් අංශක 57.7ක් දක්වා ඉහළ ගියේ ය. එළෙස කලින් කලට අධික උෂ්ණත්වයන් වාරිතා වන රටවල් ගණනාවක්ම ඇතත්  වර්ශය පුරාම පවතින උෂ්ණත්වයේ සාමන්‍ය වැඩිම රට ඉතියෝපියාව යි. එහි සාමන්‍ය උෂ්නත්වය සෙල්සියස් 34.4 කි. බොහෝ ජීව විද්‍යඥයින් කල්පනා කරන්නේ ආදිතම මානවයා බිහි වූ රට ඉතියෝපියාව බව යි.
ලෝකයේ සීතලම රට ඇන්ටාර්ටිකාව ය. එහි සීතල සෙල්සියස් රින 82.9ක් තරම් පහළ යා හැකි ය. එහි නිත්‍ය ජනගහණයක් නැත. එනමුත් කැනඩාව, ආමෙරිකාව සහ රුසියාව යනාදී රටවල් අධික සීතලෙන් ගල් ගැසෙන ජනාවාස වූ පෙදෙස් තිබේ.
ශ‍්‍රී ලංකාවට 66වන ස්ථානය හිමි වූ ඇමෙරිකාවේ නිවිස් වීක් සඟරාව කළ සමීක්ෂණයට එවැනි කරුනු බලපෑවේ නැත. ඉහත කී  කරුණ අපට පෙන්වන්නේ  ඕනෑම සමීක්ෂණයක තිබිය හැකි සීමාවන් ය. කොතරම් යහපත් වුවත් අංක එකට පැමිණි පින්ලන්තය ද මාස හතරක් පුරා හිමෙන් වැසී යන අධික සීතල සහිත රටකි. අංක හයට පැමිණි නොර්වේ ද සීතල දේශගුණය උරුම කරගත් රටකි. ශ‍්‍රී ලංකාව වැනි නිර්වර්ථන කලාපීය වැසියනට එවැනි රටක් ජීවත් වීමට හොදම රටක් වන්නේ නැත.
නිවස්වීක් සඟරාව සිය සමීක්ෂණය හදුන්වා දුන්නේ මෙසේ ය: ”ඔබ අද උපත ලද හොත් සෞඛ්‍යමත්, සැළකිය යුතු තරම් සෞභ්‍යාගමත් සහ ඉහළට යෑමේ ආර්ථික අවස්ථාවන් වඩා හොදින්ම ලබා දිය හැකි රට කුමක් ද? මෙම විශේෂ සමීක්ෂණයේ දී  අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන තත්ත්වය, ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සහ දේශපාලන පරිසරය යන කරුණු පහ සළකා බලන ලදී.”
නිව්ස් වීක් සඟරාවට අනුව ජීවත්වීමට හොදම  රටවල් 100 ය තෝරා ගන්නා ලද්දේ එම සමීක්ෂනයට අනුව ය. ඒ අතරින් පළමු වැන්නා වූයේ ළකුනු 89.40ක් ලබා ගත් පින්ලන්තය යි. ඒ අතරින් 100 වන ස්ථානය ගත්තේ අප‍්‍රිකානු රටක් වන බුකිනෝ පූසෝ ය. එයට ළකුනු 33.59ක් ලැබුණු අතර ශ‍්‍රී ලංකාව 66 වන තැනට පැමිණයේ ළකුණු 58.80ක් ලබා ගනිමිනි.
දකුණු ආසියාවේ රටවල් අතුරින් මාලදිවයින, නේපාලය සහ බූටානය ජීවත්වීමට හොදම රටවල් 100 අතරට පැමිණියේ නැත. ශ‍්‍රී ලංකාව ලෝකයෙන් ම 66 වන තැනට පත් වෙත්දී ආසියාවෙන් හත් වැන්නා බවට ද දකුණු ආසියාවෙන් පළමුවැන්නා බවට ද පත් විය. ඒ ගැන බොහෝ සාඩම්බර ප‍්‍රකාශ අසන්නට ලැබුණි.
දකුණු ආසියනු රටවල් ලබා ගත් ස්ථාන සහ ළකුනු
රට         ස්ථානය              ළකුණු
ශ‍්‍රී ලංකාව      66            58.80
ඉන්දියාව            78            55.70
බංගලදේශය     88            47.40
පකිස්ථානය       89            47.07
ශ‍්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉහළට පැමිණියේ විශේෂයෙන්ම අධ්‍යපනය යටතේ සළකා බලන ලද සාක්ෂරතාවයේ ඉහළ අගය ( 98.8 සහ 61.4*, සෞඛ්‍ය යටතේ සළකා බලන ලද පරමායුෂ (63 සහ 56* යන කරුණු දෙක සඳහා ලද වැඩි ලකුණු නිසා ය. ජීවන තත්ත්වය යටතේ ද ශ‍්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු ලබා ගත්තේ ය.
දේශපාලන පරිසරය යන සාධකය යටතේ සළකා බලන ලද්දේ මැතිවරණයකදී ජන්දය දෙන ප‍්‍රතිශතය සහ පවත්නා ආණ්ඩුව කොතරම් ස්ථාවරද යන්න ය. එහිලා කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පිළිබද දර්ශක සළකා බැලූනේ නැත. ඊට හොදම නිදසුන කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමක් නැති සහ දරුණු මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යන සිංගප්පූරුව 20වන ස්ථානය ලබා ගැනීමයි. දේශපාලන ස්ථාවර බව අතින් එය ළකුනු 84.5ක් තරම් ඉහළ අගයක් ලබා ගත්තේ ය. මෑත කාලීන සමාජ සමීක්ෂන පෙන්වා දෙන්නේ සිංගප්පූරුවේ ජනයාගෙන් සියයට 20ක් ම අවස්ථාවක් ලදොත් නිදහස සහිත වෙනත් රටක ජීවත්වීමට අපේක්ෂා කරන බව ය. එවැනිම පොලිස් රාජ්‍යක් පවත්වා ගෙන යන ඊශ්රාලය 22වන ස්ථානය ලබා ගත්තේ ය. දුප්පත්කමින් පිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් නැතිව එකම පක්ෂයක් විසින් වසර 60ක් පාලනය කරන කියුබාව 50වන ස්ථානය ලබා ගත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍යට වැඩි ළකුනු ලබා ගනිමිනි. දේශපාලන ස්ථාවර බව අතින් ශ‍්‍රී ලංකාව ළකුනු 58.5ක් ලබා ගන්නා විට ඒක පාක්ෂික පාලනයක් සහිත කියුබාව ළකුනු 57ක් ලබා ගත්තේ ය. චීනය දේශපාලන වටපිටාව අතින් 99 ස්ථානය ලබා ගත් නමුත් සමස්ත වශයෙන් 59 වැන්නා විය.
අනෙක් අතට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයන් සාර්ථකව පවත්වා ගෙන යන සියළුම රටවල් පාහේ මෙම දර්ශකයෙහි ඉදිරියේම සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විවිධාකාර සමාජ සුභසාධන පිළිවෙත් පවත්වාගෙන යන පින්ලන්තය, ස්වීඩනය, නොර්වේ, ඩෙන්මාර්කය. කැනඩාව, ස්විස්ටර්ලන්තය යනාදී රටවල් ලෝකයේ ජීවත්වීමට යෝග්‍ය හොදම රටවල් අතර සිටිති.
රටවල් කිහිපයක් සාදක පහ යටතේ ලබා ගත් ස්ථාන පෙන්නුම් කරන පහත වගුවෙන් කරුණූ ගනනාවක් දැක ගත හැකිය. එනම් යම් යම් සාදක අතින් ඉතා පහළ සිටින රටවල් වෙනත් සාධක මගින් ඉදිරියට පැමිණ ඇති අන්දම යි. චීනය ගන්න. එය දේශපාලන පරිසරය යටතේ ඉන්නේ 93 වන ස්ථානයේ ය. නමුත් ආර්ථික ඉඩ ප‍්‍රස්ථා යටතේ 13 වන ස්ථානය සහ සොඛ්‍ය යටතේ 42 වන ස්ථානය ලබා ගනිමින් එරට ජීවත්විමට හොඳම 59 වන තැනට පැමිණේ. ඉන්දියාව ගන්න. එරට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා අතින් 38 සහ දේශපාලන පරිසරය අතින් 48 වන ස්ථානය ලබා ගන්නා නමුත් සමස්ත දර්ශකයේ ලබා ගන්නේ 78 වන තැන ය. ඊට හේතුව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ එහිම විපාකයක් වන පරමායුෂ සම්බන්ධයෙන් ලබා ගන්නා පහළ ස්ථානයන් ය.
රට         දර්ශකයේ ස්ථානය         අධ්‍යාපන ස්ථානය         සෞඛ්‍ය
ස්ථානය              ජීවන තත්ත්ව
ස්ථානය              ආර්ථික ඉඩ ප‍්‍රස්ථා
ස්ථානය              දේශපාලන පරිසරය
ස්ථානය
පින්ලන්තය        1              1              17            4              8              5
කැනඩාව            7              2              7              10            11            10
නොර්වේ            6              33            7              1              21            2
ශ‍්‍රී ලංකාව      66            66            61            73            69            69
චීනය    59            61            42            70            13            93
ඉන්දියාව            78            88            82            87            38            48
කියුබාව               50            20            29            32            72            96
ඇමෙරිකාව       11            26            26            9              2              14
කියුබාව දෙස බලන්න. එරට 50 වන තැන ඉන්නේ සමාජවාදී ක‍්‍රමය විසින් මුල්තැන දෙන ලද අධ්‍යාපනය සහ සෞඛ්‍ය යටතේ ලබා ගත් ප‍්‍රගතිය නිසා ය. එනමුත් දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොමැති වුව හොත් එම දිනා ගැනීම් දැන් ඇත්තේ අනතුරක ය. මන්ද යත් සමාජවාදී ක‍්‍රමය අර්බූදයකට හසුව ඇති නිසා ය.
මෙම දර්ශකය සකස් කිරීමේ දී මානව නිදහස සහ ප‍්‍රජානත්ත‍්‍රවාදී දේශපාලන වටපිටාව පිළිබඳ සාධකය එක් කරනු ලද්දේ නම් ශ‍්‍රී ලංකාව සිටිනු ඇත්තේ තව බෙහෝ පහළ ය. ඉන්දියාව දක්වන ආර්ථික ප‍්‍රවේගයට වඩා අප ඉන්නේ බොහෝ පහලිනි. එමෙන්ම දේශපාලන පරිසරය අතින් ද අප බොහෝ පහළ ය. අනාගතය දෙස බලන්නේ නම් වැදගත්ම සාධක දෙක ඒවාය. මන්ද යත් එම සාධක විසින් අනෙක් සාධක වෙනස් කළ හැකි නිසා ය.
ශ‍්‍රී ලංකාව වැඩිම ළකුන ලබා ගත් සාධක දෙක එනම් අධ්‍යපනය (66* සහ සොෟඛ්‍ය (61*  දිර්ඝ කාලයක් පුරා මෙරට ක‍්‍රියාත්මක වූ සුභ සාධක රාජ්‍ය පිළිවෙත්හි ප‍්‍රතිපලයන් ය. දේශපාලන සහ ආර්ථික ක්ෂේත‍්‍රයේ අඩු ළකුනු මෑත කාලීන දේශපාලන අර්බූදයන් හි විපාක ය. දුගී බාවයෙන් පිරි දකුණු ආසියාවේ පළමුවැන්නා වීම පිළිබඳව පුරාජේරු කියමින් සිටිනවා වෙනුවට අප කල්පනා කළ යුත්තේ ලෝකයෙන් 66 වැනියා දක්වා පහළට වැටීම පිළිබඳව ය. එපමනක් නොව මෙතැනින් තවත් පහළට නොවැටී ඉදිරියට යන්නේ කෙසේ ද පිළිබඳව ය.
ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පහළින් සිටින මුත් මෙම දර්ශකයේ ම කොටසක් ලෙස ඉදිරිපත් කර ඇති ලෝක නායකයින් අතර ගෞරවයට ලක් වූ ජනනායකයින් දස දෙනා අතර මුලින් ම සදහන් වන්නේ ඉන්දියනු අගමැති මන්මොහන් සිං ය. ඔහු ගැන නිවස්වීක් සඟරාව මෙසේ කිය යි:
” හිටපු ආර්ථිකඥයකු වන විදග්ධවූත් නවීනවූත් අගමැති මන්මොහන් සිං 21වන සියවසේ නැගී එන බලවතකු බවට ඉන්දියාව පරිවර්ථනය කිරීමේ තීරණාත්මක භූමිකාවක් රඟ පෑවේ ය. එසේ නමුත් ලෝක නායකයින් අතර ගෞරවාදරය සිං දිනා ගෙන ඇත්තේ ඔහුගේ නිහතමානී පුද්ගල ශෛලිය විසිනි. ඔව්හු සිං හදුන්වන්නේ නිරහංකාර, විනීත, අ¥ෂිත නායකයකු ලෙස ය. ඔහු දේශපාලන නායකයින්ට ආදර්ශයකි.” ඔහු හැරණු විට දකුණු ආසියාවේ එවැනි එක් නායකයකු සමීක්ෂණය සදහන් කරයි. ඒ හරිත ගුරු ලෙස හදුන්වා දී ඇති මාලදිවයිනේ ජනාධිපති මොහොමඞ් නිශාද් ය. අපේ නායකියින් කිසිවකු එහි නැත.
28.08.2010
කේ.පී. වීරයා – අප කව්ද?
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සුනන්ද දේශප‍්‍රිය
මාධ්‍ය නිදහස ඇතුළු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක‍්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද  අවලාද කොතරම් වී ද? එවැනි කී දෙනෙකු නම්  පහර දීම් වලට ලක් වූයේ ද? පැහැරගෙන ගොස් අතුරුදහන් කරවන ලද්දේ ද? වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද? තවමත් අවසන්ව නැති එම ක‍්‍රියාදාමය යටත් නැති ජනමාධ්‍ය නොනැවත බිය වද්දයි. අප සියළු දෙනාම වෙත එල්ල කරන ලද්දේ පට්ටා ගැසූ එකම එක චෝදනාවකි. එනම් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අප එල්ටීටීයේ සහ ප‍්‍රභාකරන්ගේ අනියම් සගයින් ය යන අභූත චෝදනාව යි.
රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව කාලයෙහි වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් එවකට අගමැති වූ වික‍්‍රමසිංහට ප‍්‍රසිද්ධියේ අභියෝග කළේ ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදියකු ලෙස නම් කරන ලෙස ය. දේශපාලන සාකච්ජා මගින් ජනවාර්ගික යුද්ධය විසදීම කෙරෙහි බලාපොරොත්තු තැබූ වික‍්‍රමසිංහ ඒ අභියෝගයට බිය වූයේ නැත. එළෙෂ නම් නොකරන ලද වික‍්‍රමසිංහ ත‍්‍රස්තවාදයේ සහායකු ලෙස ලෙස හංවඩු ගැසුණි. ඒ එක නිදසුනක් පමණි.
එහෙත් දැන් බලවෟ අද ශ‍්‍රී ලංකාණ්ඩුවේ සගයකුව ආරක්ෂ ලේකම් රාජපක්ෂගේ කරවටා අත යවන තරමේ සිටින කුමරන් පත්මනාදන් කතා කරන රඟෟ. එල්ටීටීඊ ය සහ එහි නායක ප‍්‍රභාකරන් ගැන ඔහු ගෞරවයෙන් සහ ආදරයෙන් කතා කරන රඟ ෟ.
”ප‍්‍රභාකරන්ගේ පුත‍්‍ර චාල්ස් ඇන්තනි සිය පවුල ගුවන් මගින් රටින් පිටට ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමෙන් පසු පසු මා සැළැස්මක් සකස් කළා. මා උක්රේනයෙන් පාචිච්චි කළ හෙලිකොප්ටරයක් මිලදී ගැනීමටත් කටයුතු යෙදුවා. නායකයා එකඟ නම් සැළැස්ම වූයේ චාල්ස් ඇන්ටනි හැර පවුලේ අය පිටරටකට ගෙන යන්න යි. නායකයා ඊට එකඟ නූනා නම් ඔහු, ඔහුගේ ආරක්ෂකයින් සහ ජේෂ්ඨ නායකයින් හෙලිකොප්ටරයෙන් වන්නියේ කැලෑබඳ පෙදෙසකට ගෙන යෑමයි ඊළඟ සැළැස්ම වුනේ. අනතුරුව මදීවදිනි, ත්වාරිකා දුව සහ බාලචන්ද්‍රන් බාල පුතා නැවකට ගෙන ගොස් පොරොන්දු වි සිටි රටවල් තුනෙන් එකකට ගෙන යෑමට මා නැවෙහි සිටීමට එකඟ වුනා. ඒ රටවල් දෙකක් අප‍්‍රිකාවේ. එකක් ආසියාවේ.
”මේ මෙහෙයුම සඳහා මට ඩොලර් මිලියන 15ක් අවශ්‍ය වුණා. නමුත් එය ලැබුණේ නැහැ. ඒක කණගාටුවට කාරණයක්. අවශ්‍ය උදව් එල්ටීටීඊ ජාත්්‍යන්තර ජාලයෙන් නොලැබුණාම නම හුඟක් කළබලයට පත් වුනා. මම කුලී ගුවන් නියමුවන් පවා සොයා ගත්තා. නමුත් මුදල් නැතිව මට කිසිවක් කර ගන්න බැරි වුණා. මැයි මාසයේ මැද භාගයේ දී ශ‍්‍රී ලංකා හමුදා තුන් පැත්තකින් පහර දීම පටන් ගත්තාට පස්සේ මහත් වේදනාවකින් මා සැළැස්ම අත හැරියා. අවශ්‍ය උදව් නොකිරීම ගැන මට දරුණූ තරහක් තිබුණා එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ නායකයින් එක්ක.
”අන්තිමේ දී පවුලම මැරුණා. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන මා අතිශය දුක්වුණා.  ඔහුට වසය 12යි. මා ඔහු දැක තිබුණේ නැහැ. නමුත් මා ප‍්‍රභාකරන්ට කතා කරන විට ” මෙන්න කේපී මාමාට කතාකරන්න යැයි ඔහු දුරකථනය සිය ඔඩෙක්කුවේ සිටි බාලචන්ද්‍රන්ට දීමට පුරුදුව සිටියා. ඉතින් මා ඒ විදියට බාලචන්ද්‍රන්ට ඒ දිනවල කතා කරනවා.
”යුද්ධය ඇවිල ගොස් ෂෙල් ප‍්‍රහාර උත්සන්න වූ විට දරුවා හුඟක් බය වී සිටියා. චාලස් ගුවන් මගින් බේරා ගැනීමේ සැළැස්මක් සකස් කරන ලෙස කී පසු ලාබාල බාලචන්ද්‍රන්ට කියා තිබුණා ඔහු ළගදීම කේපී මාමා ළඟට යවන බව. පුංචි හාදයා ඔහුගේ බඩු ටිකක් පුංචි බෑගයකට දමාගෙන හැම තැනම අරගෙන ගියාලූ, ‘මම කේපී අංකල් ළඟට යනවා’ කිය කියා.
”බාලවන්ද්‍රන් පුංචි බෑගයත් අරගෙන ඇවිදිනවා මැවී පෙනෙන මට දුකකුත් මුදල් නොදීම ගැන වෛරයකුත් ඇති වෙනවා.
”ප‍්‍රභාකරන් පරාජය කළ යුද හමුදා පිරිස් ඔහු ගැනත් ඔහු මිය ගිය අන්දම ගැනත් ඉහලින් කතා කරනවා. ආරක්ෂ අංශයේ ඉහළම පුද්ගලයින් (මා කතා කරන්නේ කා ගැනද කියා ඔබට හිතා ගන්න පුළුවන්* මෙම කණ්ඩායම අවසානය දක්වා යටත් නොවී සටන් කළ ආකාරය  තම සිත්හි  අතිශය ලෙස කාවැදුණු බව  මට කීවා. නමුත් සමහරු මරනයෙන් පසු ප‍්‍රභාකරන්ට අපහාස කරනවා. මට අවශ්‍යයි කියන්න මගේ නායකයා අවසානය දක්වාම සටන් කළ බව. ඔහු වීරයකුගේ මරණය උරුම කර ගත්තා.” ( කුමරන් පත්මනාදන් කැනඩාවේ වාසය කරන ජනමාධ්‍යවේදී ඞී.බී.එස්, ජෙයරාජ් සමඟ කළ දීර්ඝ දුරකතන සාකච්ජාව, තුන්වන කොටස. සම්පූර්ණ සාකච්ජාව ඉංග‍්‍රිසි බසින් කියවීමට පිවිසෙන්න :යඑඑචථරැුරැුඅඅඅගාඉිවැහ්ර්වගජදපරැු *
ලියා දැක්වීම අනවශ්‍ය තරමටම කේපී ප‍්‍රභාකරන් සම්බන්දයෙන් දක්වන ගෞරව සම්ප‍්‍රයුක්ත ආකල්පය මෙම දීර්ඝ සාකච්ජා පුරාම පෙනෙන්ට තිබේ.
ප‍්‍රභාකරන් වීරයෙක් ලෙස මිය ගිය බව අප කවරකු විසින් හෝ කීවේ නම් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපට හොදවායින් දෙක තුනක් නොව බඩ යන්නම අසා ගන්නට තිබුණි. වාර්තාලාභී මරණිය උපවාසකරු වීරවංශ ගෙන් රූපවාහිනී වැඩ සටහන් දෙක තුනකින්ම අපේ මාපියන්ටත් එක්ක අසා ගන්නනට තිබුණි. සමහර විට ජනාධිපතිවරයා ම මාසික ජනමාධ්‍ය සැදෑවේ දී ‘අන්න සුනන්ද ප‍්‍රභාකරන් වීරයෙක් කරලා’ යැයි විහිළුවට වාගේ කියන්නටත් තිබුණි.
කුමරන් පත්මනාදන් නොහොත් කේ.පී.ට සමාව දී පුනරුත්ථාපනය කර ගැනීමට අප විරුද්ධ නොවිය යුතු ය. අප විරුද්ධ විය යුතු වන්නේ ඔහුට පමණක් විශේෂ සැළකීමක් කිරීම ගැන ය. දැන් කේ.පී.ට රාජ්‍ය නොවන සංවිධානයක් ද තිබේ. දෙමළ ඩසය්පොරාව සමඟ සාකච්ජා කරමින් ආණ්ඩුවාදී සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවස්ථාව තිබේ. ලෝකයේ එහා කොනේ සිටින ජනමාධ්‍යවේදීන් සමඟ පැය ගනන් නිදහසේ කතා කිරීමට ද නිදහස් තිබේ. ඒ සියල්ලටම වඩා එල්ටීටීඊ ය සහ ප‍්‍රභාකරන් ගැන ගෞරවයෙන් ආදරයෙන් කතා කිරීමටත් නිදහස් තිබේ.
එසේ නමුත් සිර ගත කර සිටින එල්ටීටීඊ සැකකරුවනට සිය දෙමාපියන් සමගවත් කතා කිරීමට නිදහසක් නැත. අත් අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන් වූ බව කියන අනෙක් එල්ටීටීඊ නායකයින් ගැන ආණ්ඩුවේ වගවීමක් නැත. යළි පදිංචිකරන ලද දෙමළ ජනයාට විවෘත සිර ගෙදරකට වඩා වැඩි නිදහසක් ලැබී නැත.
ආණ්ඩුවට කුමණ හෝ හේතුවක් නිසා කේ.ප.ී සිය තුරුලට ගැනීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා විවෘත සහ නීත්‍යනුකූල ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට තිබුණි. ඊට උදාහරණයක් 71 කැරැුල්ල සපයයි.
අපේ ජීවිතයේ ම කොටසක් වූ 1971 කැරැුල්ලේ මුල් පෙළේ ප‍්‍රධානීන් දෙදෙනෙකු ම  කේපී මෙන් රජයේ පැත්ත ගත්තේ ය. පසුව අප බොහෝ දෙනෙකුට සිර දඬුවම් දීමට අපේ එම නායකයින්ගේ සාක්ෂි ද උපයෝගි කර ගැනුණි. නමුත් එහි දී වෙනසක් තිබුණි. එම දෙදෙනා ම  කැරැුල්ල, ජවිපෙ සහ විජේවීර විරෝධී උග‍්‍ර ස්ථාවරයක් ගත්හ. කේ.පී. එල්ටීටීඊ යේ උරුමකරු වීමට උත්සාහ දරන මුත්  ජවිපෙ උරුමකරුවන් ලෙස පෙනී සිටීමට ඔව්න් උත්සාහ ගත්තේ නැත. එමෙන්ම මහ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කළ ඔව්න් ද නඩු විභාගය අවසන් වනතුරු ම රඳවා සිටියේ අප මෙන් ම වැලිකඩ සිර ගෙදර ය. කෑවේ කල්දේරම් බත් ය. නිදා ගත්තේ රෙට්ටුවේ ය. නැත්නම් බූරු ඇදේ ය. නෑවේ විසිල් එකට ය. අධිකරණය ඉදිරියේ චෝදනාවන්ට වරද පිළිගත් ඔව්නට සමාව ලැබුණේ නඩු විභාගය අවසානයේ දී ය. එම ක‍්‍රියාවලිය විවෘත සහ විනිවිද පෙනෙන සුළු විය. කේ.පී. සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතුව තිබුනේ එවැනි පියවරකි.
අද කේ.පී.ට දේශපාලනයේ යෙදීමට අවසර තිබේ. මංත‍්‍රිවරුනට පවා නැති පහසුකම් යටතේ සරණාගත පිරිස් සංවිධානය කර ගැනීමට අවසර තිබේ. එල්ටීටීයේ නායකයකු ලෙස පෙනී සිටීමට අවසර තිබේ. රජ බොජුන් වළදමින් සැප ඇතිව ජිවත්වීමට අවසර තිබේ. කෙටියෙන් කේ.පී.ට නීතියක් නැත. ඒ එකම එක හේතුවක් උඩ ය. : එනම් වත්මන් පාලකයිනට දේශපාලන වශයෙන් සහාය දැක්වීමේ සහ අවනත වීමේ කොන්දේසිය යි. මන්ද යත් අද රටේ නීතිය යනු අවනත වීම  නිසා ය. අදෝමැයි, වීරයකු වීමට නම් අද ශ‍්‍රී ලංකාවේ අවශ්‍ය කරන්නේ කීකරු වීමය.
ශ‍්‍රී ලංකාවේ නීතියේ පාලනය වෙනුවට ඇති වී තිබෙන පාලක දේශපාලකයිනගේ පාලනයේ දෙවන පුද්ගල නිදර්ශනය කුමරන් පත්මනාදන් ය. ප‍්‍රථම සහ ලොකුම නිදර්ශනය සරත් පොන්සේකා ය.
28.08.2010
වසරකට පසු උතුරේ දෙමළ ජනයා
”ප‍්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි”
”යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ”
”ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා  -  ගෝඨාභය”
”එ.ජා. මහලේකම්ගේ ශ‍්‍රී ලංකා කමිටුවට ජපානයේ සහයෝගය”
ඉහත දැක්වෙන අහඹු ලෙස තෝරා ගත් ජනමාධ්‍ය පුවත් මගින් පෙනෙන්නේ යුද්ධය අවසන් වී වසරකට පසු අපට අසන්නට කතාන්තර දෙවගයක් අසන්නට ලැබෙන බව යි. ආණ්ඩුවෙන් අසන්නට ලැබෙන්නේ යුද්ධය අවසන් වූ නමුත් එල්ටීටීඊ ය අවසන් නැති බව යි. එබැවින් මර්ධනකාරී අණ පනත්්, යුද බලය සහ ඔත්තුසේවා ශක්තිමත් කිරීම තවමත් අවශ්‍ය බව යි. ප‍්‍රභාකරන්ගේ ජායාරූපය පවා සළකනු ලබන්නේ අනතුරක් සහ තර්ජනයක් ලෙස ය.
අනෙක් බොහෝ පාර්ශවයන්ගෙන් අසන්නට ලැබෙන්නේ වන්නියේ යළි පදිංචි කරන ලද ජනයාගේ ජීවන තත්ත්වය ඛේදනීය බව යි. එම ජනයා යුද්ධයේ අවසන් දවස්වල මුහුණ දුන් යුද්ධමය ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නිසි පිළිියම් තවම යෙදී නැති බවයි. එමෙන්ම මෙම ජනයාට දකුනේ ජනයා භුක්ති විදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වත් නැති බව යි.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය මාස කිහිපය පුරා උතුරේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සම්බන්දයෙන් මැදිහත්වීමට දරණ ලද උනන්දුව ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කේන්තියට හේතු වූ බව දක්නට ලැබුණි. වන්නියේ යළි පදිංචි කරන ලද ජනයා හමුවීම පිනිස ගිය ජවිපෙ නියෝජිත පිරිසට කිලිනොච්චියේ දී යුද හමුදා ප‍්‍රධානීන් කියා සිටියේ ඒ 9 පාරෙන් එපිටට යාමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු බව යි. ඒ නොසළකා එහි ගිය ජවිපෙ නියෝජිත පිරිස එහි ජනයා සමඟ කතා බව කිරීමෙන් පසු කියා සිටියේ සෑම පවුලකම අයෙක් යුද්දයෙන් මරණයට පත්ව හෝ අතුරුදහන්ව හෝ ඇති බව යි.
පසුගිය 16 දින යාපනයේ පැවැති පුවත්පත් සාකච්ජාවක දී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මෙසේ කීවේ ය: ” අපට හමු වූ බොහෝ දෙනෙකු තමන්ගේ ආදරවන්තයින් මිය ගොස් ඇත් ද, අතුරුදහන්ව ඇත් ද හෝ සිරබාරයේ සිටින්නේ ද කියා දන්නේ නැත. සිය ආදරවන්තයින් සිරගතව සිටින බව දන්නා අය ඔව්නට එරෙහිව ඇති චෝදනා මොනවාදැයි දන්නේ නැත. එළෙස කදවුරු ගත කොට ඇති අයවළුනට විරුද්ධව නීතිමය පියවර කවදා ගනු ඇත්දැයි ඔව්න් දන්නේ ද නැත. අපරාධ කර ඇති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමත් අනෙක් අය නිදහස් කිරීමත් ආණ්ඩුවේ වගකීම ය.” ආරක්ෂ ලේකම්වරයා ජවිපෙ උතුරේ ජනයා අවුස්සන බව කියා සිටියේ දෙමළ ජනයාගේ අපේක්ෂා ගැන ජනතා විමුක්ති පෙරමුණේ මෙම ප‍්‍රකාශයෙන්  පසුව ය.
අන්තර් විශ්ව විද්‍යාල බළ මණ්ඩලය මෙයට මාස දෙක තුනකට පෙර කරුණූ සහිත දීර්ඝ ප‍්‍රකාශයක් කරමින් නඩු නොපවරා දීර්ඝකාලයක් සිර ගත කර ඇති දෙමළ තරුණයින් පිළිබඳව ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා ය. යාපන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170ක් අතුරුදහන්ව ඇතැයි හෝ තොරතුරක් දැන ගන්නට නැතැයි එය මෑතදී ප‍්‍රකාශ කළේ ය. පසුගිය සතියෙහි යාපන සරසවි සිසු සිසුවියන්ට ආධාර රැුගෙන ගිය අවිශිබම නියෝජිත කණ්ඩායමට යාපන සරසවියට ඇතුල් වීම ආණ්ඩුවේ බලධාරීන් විසින්  තහනම් කරන ලදී.  කොළඹ දිනපතා පුවත්පතක් එම සිදුවීම සහමුලින්ම විකෘති කොට වාර්තා කළේ ”යාපනයේ දී අවිශිබම සිසුන්ට ප‍්‍රහාරයක්” යනුවෙනි.
මෙම සිදුවීම් දෙක අපට එක් කරුණක් පෙන්වා දෙයි. එනම් යුද්ධයට සිය සම්පූර්ණ සහාය දුන් ජවිපෙ වැනි දේශපාලන පක්ෂයක් පවා උතුරු දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සහ අවශ්‍යතා ගැන කටයුතු කිරීම රාජපක්ෂ ආණ්ඩුව නොරුස්සන බව යි. ඒ  උතුරු දෙමළ ජනයාගේ නොවිසඳුණු ප‍්‍රශ්ණ ප‍්‍රසිද්ධියට පත් වීම  තර්ජනයක් ලෙස ආණ්ඩුව සළකන නිසා විය යුතු ය. වසරක් ගෙවී යෑමෙන් පසුත් උතුරේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් ආණ්ඩුව සළකන්නේ මෙළෙස නම් ඉන් අදහස් වන්නේ කුමක්ද?
යාපනයෙන්  සහ වන්නියෙන් ලැබෙන ආරංචිවලින් දැක්වෙන්නේ යුද්දයෙන් පසු ප‍්‍රජාවක් ලෙස දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ විසදීමට ආණ්ඩුව අසමත් වීම කෙරෙහි එම ජනයා එන්න එන්නම කළකෙරෙමින් සිටින බව යි. එල්ටීටීඊ ය කෙරෙහි වූ කළ කිරීම වෙනුවට දැන් එම ජනයාගේ වැඩිම කළ කිරීම ඇත්තේ ආණ්ඩුව කෙරෙහි බව පවසන පිරිස් ද සිටිති. ඔව්හු මෙයට හේතු වශයෙන් දක්වන කරුණු ගණනාවකි.
ප‍්‍රධාන කරුණ නම් යළි පදංචි කරන ලද ජනයාට හරියාකාර සහායක් ලබා දීමට ආණ්ඩුව දිගින් දිගටම අසමත් වීම යි. එමෙන්ම එම ජනයාගේ මියගිය, අතුරුදහන් වූ සහ අත් අඩංගුවේ සිටින නෑසියන් පිළිිබඳව සොයා බැලීමට සහ යුක්තිය ඉටු කිරීමට වසරක් ඉක්ම යෑමෙන් පසුත් ආණ්ඩුව අසමත්ව සිටීම යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයකු වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරීට පවා වන්නි ජනයාගේ ඛේදනීය තත්ත්වය ගැන කතා කිරීමට සිදුව තිබෙන්නේ එනිසා ය.
තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ උතුරු පුරා ඇති දැවැන්ත මිලිටරිකරණය යි. යුද්ධ කාලයේදීටත් වඩා දැන් එම ප‍්‍රදේශ මිලිටරිකරණය වී තිබේ. කවර ජනතාවක්වත් මිලිටරි පාලනයක් යටතේ ජීවත් වීමට කැමැති නැත. යුද්ධයට වසරක් පිරීම නිමිත්තෙන් මියගිය දෙමළ ජනයා වෙනුවෙන් අනුස්මරණ උත්සව සංවිධානය කළ ආගමික නායකයිනට මරණ තර්ජන පවා එක එල්ලේම කරන ලද අවස්ථා වූ බව එම ආරංචි මාර්ග සනාථ කරයි. උතුරෙහි එදිනෙදා ජීවිතය පාලනය කරනු ලබන්නේ තවමත් සන්නද්ධ හමුදා මගිනි.
තවත් එවැනිම කරුණක් වන්නේ බලහත්කාරයෙන් සිංහළ බෞද්ධ සංස්කෘතිය මෙම ජනයා මත බලයෙන් පැටවීමට දරණ උත්සාහය යි. දෙමළ වන්නියේ පාරවල් සඳහා සිංහල නම් දී තිබීම අනුමත කරන එකම දෙමළ වැසියකුවත් සිටිය හැකි ද? එම ජනයා මත බලයෙන් වෙසක් උත්සවයක් පැණවීම බුදුදහමට පමණක් නොව සාමාන්‍ය අවබෝධයටවත් ගැලපෙන්නේ නැත. කිලිනොච්චියේ ප‍්‍රධාන මංසන්ධියෙහි බුදු සසුන බැබලේවා යනුවෙන් ස්ථිර තොරණක් ඉදි කර තිබෙන්නේ දෙමළ ජනයා වෙනුවෙන් ද? එසේ නැත්නම් දෙමළ ජනයා මත සිංහල බෞද්ධ ආධිපත්‍ය ඇති බව පෙන්වීමට ද? ඉරණමඩු වැව ආසන්නයේ වන හින්දු කෝවිල අසළ යුද හමුදා කදවුරක්ද පන්සලක් ද ඉදි කිරීම දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට මඟක් ද ? සිත් පෑරවීමට මඟක් ද? බෞද්ධයින් ජීවත් නොවන මෙම දෙමළ ප‍්‍රදේශයන්හි පන්සල් ගොඩ නඟා බෝගස් හිඳුවීම යුද්ධමය ජයග‍්‍රහණය ආගමික සහ සංස්කෘතික ආධිපත්‍යයක් බවට වර්ධනය කිරීමකි. එමගින් දෙමළ ජනයා තව තවත් ඈත්වනවා මිස සංහිදියාවක් ඇති වන්නේ නැත.
යුද්ධයෙන් වසරකට පසු සිදුව ඇත්තේ උතුරෙහි දෙමළ ජනයා ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් තව තවත් ඈත්වීම මිස එය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීම නොවේ. ක්ෂමාලාපක වන්දිභට්ටයින් විසින් ‘විමුක්තිය ලද’ උතුරු දෙමළ ජනයාගේ ජීවිතය ගැන අලංකාර කතාන්තර ලියා පළකරනු ඇතිමුත් ඇත්ත යථාර්තය තිත්ත ය. දෙමළ ජනයාගේ සිත් සතන් තේරුම් ගෙන සැබෑ සංහිදියාවක් කරා ගමන් කිරීම අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයා සම්බන්ධයෙන් සිය ආකල්පය පාරවල් සෑදීමේ සිට සිතහැදීම කරා වෙනස් කර ගත යුතු ය. ඒ සඳහා දේශපාලන සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය ය. පෙනෙන විදියට වත්මන් පාලනයට එවැනි අවබෝධයක් හෝ අවශ්‍යතාවයක් නැත එය තවම ජීවත් වන්නේ වන්නියේ යුදබිමේ වෙඩි බෙහෙත් ගඳ උරා බොමිනි. යුද්ධ මානසිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මානසිකත්වයට මාරුවීම දුෂ්කර නමුත් සැබෑ සංහිදියාවක් සඳහා අත්‍යවශය ය. වසරක් ගෙවුණු තැන ආණ්ඩුව ඉගෙන ගත යුතු පාඩම එය යි.
ප.ලි.
මෙම සටහන ලියන අතර තුර වාර්තාවන්නේ යුරෝපා සංගමය ජීඑස්පී සහනය තවත් මාස හයකට දිගු කිරීම පිණිස ආණ්ඩුවෙන් මානව හිමිකම් තත්ත්වය වැඩි දියණූ කිරීම පිණිස නිශ්චිත පොරොන්දු ඉල්ලා ඇති බව යි. එමෙන්ම එ.ජා. මහ ලේකම් ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම්  සම්බන්ධ සිය විශේෂඥ මංඩලය පත් කර ඇති බව යි. මෙම කරුණූ දෙකම අපට පෙන්වන්නේ යුද්ධ ජයග‍්‍රහණයේ  ආනුභාවය මත පමණක් රාජ්‍ය පාලනය කරගෙන යාම වත්මන් ලෝක තත්ත්වය යටතේ අප‍්‍රායෝගික බව යි. යුද්ධයෙන් විපතට පත් ජනයාගේ දුක්ගැනවිළි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී පිළිවෙත් මගින් බැටකන සමස්ත ශ‍්‍රී ලාංකික ජනයාගේ ප‍්‍රශ්ණ ලෝක දේශපාලන තලය මත රැුව් පිළි රැුව් දීම වැළැක්වීමට යුද්ධ ඝෝෂා අප‍්‍රමාණවත් බව දැන්වත් තේරුම් ගත යුතුය.
27.06.2010
මාධ්‍ය මර්ධනයේ අපූරු තර්කෟ
පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත් බාගය සැමට පෙනෙන පරිදි එක පුලියේ දමා ගෙන ය. දේශපාලනීයකරණය වූ ශ‍්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ පොලීසිකරණය වූ දේශපාලන ලොක්කන් දෙපිරිසම වල් වැදුණු නීතියේ පාලනය නැමැති ආණ්ඩුවේ පශ්චාත් බාගය  කාටත් පෙනෙන සේ දැන් හැසිරෙන්නේ එක පුලියේ දමා ගත් පැස්බරුන් ලෙස ය.
දෙසතියක් ගත වී ඇතත් විශේෂ පොලිස් විමර්ශන කන්ඩායමක් පත් කරන ලද බව වාර්තා වූවත් සියත මාධ්‍ය ආයතනයට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ පොලිස් පරීක්ෂනය අවසන් නැත. එබැවින් පොලීසියට කිසිදු නිගමනයනට පැමිනීමට ද නොහැකිය. ඒ වනාහී සරළවම කරුණූ පවතින හැටි ය.
එහෙත් පොලිස් ප‍්‍රධානියකු ලක්බිම ඉංග‍්‍රිසි පුවත්පතට කියන මේ කතා දෙස බලන්න:
”පොලීසිය විශ්වාස කරන්නේ සියත මාධ්‍ය ජාලයට මෑත දී කරන ලද ප‍්‍රහාරය කොන්තාත් කල්ලියක් විසින් කරන්නට ඇති බවයි. මෙම කොන්ත‍්‍රාත්තුව දෙන ලද්දේ තරඟකාරී (ආයතනයක* පුද්ගලයකු විසින් ද එසේත් නැත්නම් මෙම ආනතනය විසින් විකාශණය කරන ලද පුවතක් හෝ වැජ සටහනක් නිසා කේන්ති ගිය පුද්ගලයකු විසින් ද යන්න පැහැදිලි නැත.
එසේ වෙතත් ඔහු අවධාරණය කළේ මෙම කොන්ත‍්‍රාත්තුව දෙන්නට ඇත්තේ තරඟකාරී මාධ්‍ය ජාලයකින් විය නොහැකි බව යි. මන්ද යත් සියත අලූත් ජාලයක් බැවින් එයට තරහ-තරඟකරුවන් නොසිටි නිසා ය. ප‍්‍රහාරකයින් පාතාලයට සම්බන්ධ කොන්ත‍්‍රාත් කල්ලියක් විය හැකි යැයි පොලීසිය සැක කරයි”
මෙම ප‍්‍රහාරය දේශපාලන පිටු බලය ඇති සන්නද්ධ කල්ලියක් විසින් නොව පතාල සන්නද්ධ කල්ලියක් විසින් කළ බවට නිගමනය කිරීමට පරීක්ෂණය අවසන් වීමට පෙරම පොලීසියට ඇති සාක්ෂි මොනවාද? කොන්ත‍්‍රාත් කල්ලියක් බව කීම මගින් පොලිස් ප‍්‍රධානියා උත්සාහ කරන්නේ දේශපාලන පිටුබලය ලබන කල්ලි මෙම ප‍්‍රහාරයෙන් නිදහස් කිරීමට නොවේ ද? 12 දෙනෙකුගෙන් යුත් කොන්ත‍්‍රාත් කල්ලියකට ආයුධ රුගෙන කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක නිදහසේ ගැවසෙමින් මෙවැනි අපරාධයක් කර බේරී පලා යාමට හැකි යැයි අප විශ්වාස කළ යුතුයැයි පොලිස් ප‍්‍රධානියා විශ්වාස කරන්නේ ද?
දෙවනුව  තරඟකාරී මාධ්‍ය ආයතනයක් මෙම ප‍්‍රහාරය පිටුපස නොසිටින බව ප‍්‍රකාශ කිරීමට, සියත මාධ්‍ය ආයතනය නව මාධ්‍ය ආයතනයක් බව කීම පමණක් ප‍්‍රමාණමත් හේතුවක් ද? සියත හිමිකරුවන් කියා සිටියේ අලූතින් පටන් ගන්නට යන රූපවාහිනී මාධ්‍ය ආයතනයක් මෙම ප‍්‍රහාරයට සම්බන්ධ දැයි තමන්ට සැකයක් ඇති බව ය. එම සැකය එල්ල වී තිබුණේ මෑත දී රූපවාහිනී බලපත‍්‍ර ලද පාලක පක්ෂයේ වන්ඩි දේශපාලනඥයකු සම්බන්ධ ගුවන් විදුලි ආයතනයකට ය. පොලිස් ප‍්‍රධානියාගේ මෙම ප‍්‍රකාශයේ අරමුණ එම දේශපාලඥයා සියත ප‍්‍රහාරයෙන් බේරා හැරීම ද?
පොලිස් ප‍්‍රධානියා එම පුවත්පතට කියා ඇති පරිදි මෙම ගිනි තැබීමට හේතුව සියත මාධ්‍ය ආයතනය විසින් විකාශනය කළ පුවතක් හෝ වැඩ සටහනක් විය හැකි යැයි කියා ය. එසේ කීමට ඇති හේතු මොනවා ද? පොලීසිය සියත පුවත් විශලේශණයක් කර එවැනි පුවත් ඇත්දැයි විමර්ශනය කළේ ද? පොලිස් ප‍්‍රධානියා කියා සිටින පරිදි තමන් පිළිබඳ වැරදි පුවතක් පළ කිරීම නිසා මාධ්‍ය ආයතනයන්ට මෙවැනි ප‍්‍රහාර සාමන්‍ය පුරවැසියන් විසින් කරවන ලද අවස්ථා මීට පෙර තිබී ඇත් ද?
එසේ නැත්නම් පොලිස් ප‍්‍රධානියා කියන්නේ මෙයට පෙර එවැනි හේතු මත ජනමාධ්‍යට තර්ජනය කළ පුද්ගලයින් මෙම ප‍්‍රහාරය පිටුපස ද සිටිය හැකි බව ද? අප දන්නා තරමට නම් එවැනි තර්ජන එල්ල වූයේ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගෙන් පමණ ය. ඬේලි මිරර් කතුවරිය තමන්ට ආරක්ෂ ලේකම්  රාජපක්ෂ මහතාගෙන් තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බව වාර්තා කරන ලද අතර ද සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග තමාට ජනාධිපති රාජපක්ෂගෙන් තර්ජනාත්මක ඇමතුමක් ලද බව කියා සිටියා ය.  ඒ කළකට පෙර යුද්ධය පැවැති කාලයේ දී ය. ද නේෂන් පුවත්පතෙහි සහකාර කර්තෘ වශයෙන් සේවය කළ කීත් නොයර් පැහැර ගෙන ගොස් පහර දෙන ලද්දේ යුද හමුදා මෙහෙයුම් විවේචනය කළ නිසා යැයි විශ්වාසයක් තිබේ. නමුත් පොලිස් ප‍්‍රධානියා එවැනි කිසිවකු සම්බන්ධයෙන් සැකයකට ඉඩක් තබන්නේ නැත. මන්ද යත් එවැනි පුද්ගලයින්ට  කොන්ත‍්‍රාත් කල්ලි අවශ්‍ය නැති නිසා ය. ඔව්න්ට රාජ්‍ය සන්නද්ධ හමුදා තිබේ.
එබැවින් පොලීසියේ මෙම ප‍්‍රකාශයෙන් කියැවෙන්නේ කවර හෝ වෙනත් පුද්ගලයකු විසින් කොන්ත‍්‍රාත් කල්ලියක් යොදවා මෙම ප‍්‍රහාරය කර ඇති බව යි. පොලීසිය මෙහිලා ඇත්ත  ඇත්ත වශයෙන්ම උත්සාහ ගන්නේ මෙම ප‍්‍රහාරය සිදුකළ අපරාධකරුවන් හෙළිදරව් කිරීමකට වඩා ඒ සම්බන්දයෙන් සැක කැරෙන පිරිස් බේරා හැරීමට බව පෙනේ. කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලි ය. එනම් පරීක්ෂන අවසන් වීමට පෙරම පොලිස් ප‍්‍රධානීන් පරීක්ෂන නොමග යැවෙන කතා කීමට පටන් ගෙන ඇති බව ය.
සියත මාධ්‍ය ජාලය ප‍්‍රථමයෙන්ම ආරම්භ කළ සියත පුවත්පතෙහි එහි ආරම්භක කර්තෘ සහ ප‍්‍රවෘත්ති කර්තෘ වූ මංජුල වෙඩිවර්ධන සහ අතුල විතානගේ ඉන් ඉල්ලා අස්වූයේ එහි මුල් පිට සකස් කැරුනේ ජනාධිපති කාර්යාලනට අවශ්‍ය පරිදි වෙනස් කරන බවට සාක්ෂි සහිතව පෙන්වා කර්තෘ නිදහස කෙළෙසීමට විරෝධය පළ කිරිමක් ලෙස ය. සියත මාධ්‍ය ජාලය ඒ තරමට ම රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියේ කොටස්කරුවකු විය. නමුත් ජනාධිපතිවරණ සමයේ එහි හිමිකරුවනට  හදිසියේ ම කැනඩාවට පලා යාමට සිදු වු අතර පසුව ආණ්ඩුවේ වෙළද දැන්වීම් නැතිව ගොස් මෙයට දෙමසකට පෙර පුවත් පත වසා දැමීමට සිදුවිය. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරණ සමයේ දී සියත මාධ්‍ය ජාලය විපක්ෂ අපේක්ෂක ජෙනරල් පොන්සේකාට සහාය දැක්වීම මෙම අර්බූදයට හේතුව බව යි. ආණ්ඩුව සහ සියත හිමිකරුවන් අතර කුමණ හෝ ප‍්‍රශ්ණයක් තිබූ බව ඉතා පැහැදිලි ය. එබැවින් පොලිස් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයේ අරමුණ වන්නේ මෙම ප‍්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බවට කවර හෝ සැකයක් නැතැයි රටට ප‍්‍රකාශ කිරීම යි. පොලීසි ලොක්කන්  අතේ රෝල් ඇද බා  දේශපාලන කාරියක් ඉටු කරන්නේ හිස සඟවා පශ්තාත්භාගය එලියේ දමන පැස්බරුන් ලෙස ය.
පසුගිය කාලය පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට කරන ලද ප‍්‍රහාරයන් සම්බන්දයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනීයකරණය වූ පොලීසියත් පොලීසිකරණය වූ දේශපාලනඥයිනුත් කියා ඇත්තේ මෙවැනි කතා පමණය. එනම් සැබෑ අපරාධකරුවන් බේරා පරීක්ෂණ නොමඟ යැවෙන කතා ය. ප‍්‍රගීත් අතුරුදහන් වූ විට එය කැමැත්තේන් සැඟවී සිටීමක් ලෙස දකවන ලද්දේ ඔව්න් විසිනි. දෙසතියක් ඇතුළත ප‍්‍රගීත් පිළිබඳ තොරතුරු ලබා දෙන බවට ඇමැතිවරු කී දෙනෙක් අපහාසයෙන් කතා කළෝ ද? සිරස ආයතනය ගිනි තැබීම ගැන කිවේ එය එජාපය ද සම්බන්ධ වී කරන ලද  ඇතුලේ වැඩක් කියා ය. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කීවේ ද එය පුද්ගලික ආරවුලක් විය හැකිය කියා ය. ලසන්ත ඝාතනයට සම්බන්ධ බවට නීතිපති දෙපාර්ථමේන්තුව අධිකරණයයෙහි නම් කළ හමුදා නිලධාරියා දැන් ඇප පිට නිදහස් අතර ඔහුට විරුද්ධව එවැනි චෝදනාවක් නැත. දෙමළ ජාතික පාර්ලිමේන්තු මංත‍්‍රිවරුන් වූ රවිරාජ් සහ මහේශ්වරන් ඝාතනය කොට ගලා ගිය ලේ මිදෙන්ටත් පෙරම එම ඝාතන එල්ටීටීඊ ලැයිස්තුවට දමන ලද්දේ ද මේ දේශපාලන පොලීසිය විසිනි.
සියත ප‍්‍රහාරය ද ජනමාධ්‍යට එල්ල වූ අනෙක් ප‍්‍රහාර මෙන්ම කාලයේ වැලිතලාවෙන් වැසී යනවා ඇත. අපරාධකරුවන් නිදැල්ලේ ජීවත්වනු ඇති අතර ජනමාධ්‍ය බියෙන් කල් ගත කරනවා ඇත. ඝාතනය කරන ලද සටන පුවත්පතෙහි කර්තෘ රෝහණ කුමාරගේ අවමගුල් උත්සවයේ දී වාසුදේව නානායක්කාර කී මෙම වචන අදඅ පට රාජපක්ෂ ආණ්ඩුව ගැන ලියා තැබිය හැකි ය: ”අපරාධකරුවන් නීතියේ රුහැණට ගෙන ඒමට ආණ්ඩුව අසමත් වුවහොත්  ඉතිහාසය විසින් ආණ්ඩුව අපරාධකරුවා ලෙස වාර්තා කරනවා ඇත”
2010.08.14
මිලිටරිකරණය වන උතුර
සුනන්ද දේශප‍්‍රිය
මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව තිබේ.
යුද බියෙන් තොරව ජීවත්වීමට ලැබී ඇති නිදහස සාධනීය ප‍්‍රතිපළ අතර මූලික ය. එමෙන්ම තවත් පලදායී වර්ධනයක් නම් ගමනාගමනයට ඇති නිදහස යි. ව්‍යාපාරික කටයුතු ද කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන තිබේ. අධ්‍යාපන සහ ක‍්‍රීඩා කටයුතු ද යම් වර්ධනයක් ලබා තිබේ.
එසේ නමුත් යුද්ධවසානයෙන් පසු ඇතිව තිබෙන මෙම වෙනස්කම් යටපත් කැරෙන තරමේ නිශේධාත්මක වර්ධනයන් දැන් දැන් වාර්තා වෙන්නට පටන් ගෙන තිබේ. ඉන් එක් ප‍්‍රධාන කරුණක් වන්නේ උතුර වඩවඩා මිලිටරිකරණයට ලක් කිරීම යි. මේ සම්බන්ධ උදාහරණ ගනනාවක් ම මෑත දී ප‍්‍රසිද්ධියට පත් විය.
පසුගිය ජූනි 14 දින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත‍්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් යාපනයේ සහ වන්නියේ සංචාරයක යෙදුණි. වන්නියෙහි ඔවුන්ගේ සංචාරය නතර කිරීමට යුද හමුදා පිරිස් උත්සාහ කළ බවට ජවිපෙ ප‍්‍රසිද්ධියේ චෝදනා කළේ ය. වන්නි ජනයා සමඟ විවෘත සාකච්ජාවට කිහිපයක් පැවැත් වූ ජවිපෙ කියා සිටියේ සෑම පවුලකම එක් අයෙක් හෝ යුද්දයෙන් මරණයට පත්ව හෝ අතුරුදහන්ව ඇති බව යි. අනතුරුව වාර්තා වූයේ මෙලෙස ජවිපෙ සමඟ සාකච්ජා කළ ජනයාගෙන් යුදහමුදා බුද්ධි අංශ ප‍්‍රශ්ණ කර තිබූ බව යි. ඉන් පෙනී ගියේ මෙම ජනයා කොතරම් දුරට යුදපාලනයක් යටතේ තබා ගැනීමට උත්සාහ ගැනෙන්නේ ද යන්න යි.
මෙම මස 02දා කොළඹ දී පුවත්පත් සාකච්ජාවක් පැවැත් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන් කියා සිටියේ උතුරෙහි සේවය කරන එක් ලක්ෂයක් පමණ වන හමුදා සොල්දාදුවන්ගේ පවුල් එම ප‍්‍රදේශයන්හිම පදිංචි කිරීමටත් එම සොල්දාදුවන්ට කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් ලබා දීමටත් රජය කටයුතු කරගෙන යන බව යි. මෙම පුවත රජය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැුබුවේ නැත. තමන් ජූලි 17 දා මේ බව විමසමින් ජනාධිපතිවරයාට යැවූ ලිපියට පිළිතුරක් නොලද බවද දෙමළ සන්ධානයේ මංත‍්‍රීවරු කියා සිිටියහ.
එමෙන්ම ඔවුන් කියා සිටියේ 5000ක් තරම් වන්නියේ ජන පිරිසකට තමන් ජීවත්ව සිටි පාරමිපරික ඉඩම්වලට යෑම තහනම් කර ඇති බවත් එම ඉඩම් යුද හමුදා කඳවුරක් ඉදි කිරීම පිණිස යොදා ගනු ඇති බව ඔවුන්ට දැනුම් දී ඇති බවත් ය.
මේ අතර ‘දෙමළ ප‍්‍රදේශයන්හි සිංහල හමුදා ජනපද ඇති කිරීම විසින් අසතුට ඉහළ යනු ඇත’ යන් හිසින් ලිපියක් ප‍්‍රසිද්ධ කළ තිසරණි ගුණසේකර මෙසේ කියා සිටියේ ය :
”කිලිනොච්චියේ අක්කර 4000 ක් රජය විසින් උදුරා ගැනීම නිසා මුරුකන්ඩියේ දෙමළ ජනයාට සිය ගෙවල් දොරවල් අහිමි විය.
”හමුදාපතිවරයාට අනුව ‘මෙම ප‍්‍රදේශයන්හි යුද හුමදා නිලධාරීන් සහ සෙබළුන් සඳහා විවාහක නිවාස සදා අවසන් වූ පසු ඔව්න්ට සිය පවුල් සමඟම එම ප‍්‍රදේශයන්හි ජීවත්වීමට හැකි වනවා ඇත’ ( දි අයිලන්ඞ් 24.07.10* මෙමගින් අදහස් වන්නේ සාමන්‍යයෙන් කැරෙන පරිදි සොල්දාදුවන් උතුරෙහි කෙටි කාලයකට සේවය කරනවා වෙනුවට ඔවුන් සිය පවුල් සමඟ එහි පදිංචි වී අලූත් වටයක රාජ්‍ය අන්ග‍්‍රහය ලබන ජනපදකරණයක් ආරම්භ වනු ඇති බව යි.
”ඉන් පසු දෙමළ උතුර සිංහල යුද ජනපද විසින් සළකුණු වු පසු ඊට අවශ්‍ය අනෙක් පහසුකම් එනම් සිංහල පාසැල්, සිංහල කඩ සාප්පු, සිංහල ස්ථාන නාම සම බෞද්ධ විහාර යනාදිය ද ගොඩ නැගෙනවා ඇත. මේ වනාහී රාජ්‍ය අනුග‍්‍රහන ලද යුදෙව් ජනාවාස හරහා පලස්තීන භූමිය ඇඳා ගැනීම පිණිස ඊශ්රායලය අනුගමනය කළ පිළිවෙතම ය.”
පසුගිය ජූලි 03දින පුවත් පත් නිවේදනයක් නිකුත් කළ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සභාපති එස්. ආනනද සංගරී මෙසේ කීවේ ය:  ”වන්නියේ නව හමුදා කඳවුරු ගොඩ නැගීම නවත් වන්න. උතුරු – නැගෙනහිර අලූතෙන් ආරම්භ කරන ලද ඒවා ඉවත් කර ගන්න. ජනයා දැනටමත් මේ පිළිබඳව කසු කුසු ගාන්නට පටන් ගෙන තිබේ. එම අදහස් ප‍්‍රසිද්ධියේ කීමට ඔව්න්ට දිරියක් නැත. තමන් එකඟ නොවන කරුණූ සම්බන්දයෙන් අහිංසක විරෝධයක් හෝ දැක්වීමට අවස්ථාව නැති වීම ගැන ඔව්හු කණස්සල්ලට පත්ව සිටිති.
‘‘නව හමුදා කඳවුරු ගොඩ නැගීම නතර කිරීමට රජය අපොහොසත් වුවහොත් අප‍්‍රමාණ වූ දුක්කරදරවලට මුහුණ දුන් ජනතාවට සාමය ලඟ කර දීමට රජය අපොහොසත් වනවා ඇත. මා මේ කියන්නේ මහජනයාගේ අදහස් ය”
යාපනයේ එල්ටීටීඊ සෙහොන් සමතලා කර ඒ මත යුදහමුදා කඳවුරු ගොඩ නගන බවට ද දෙමළ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නව සෝදිසි මුරපොළවල් ඉදිකර ඇති බවත් ත‍්‍රිකුනාමළයේ දෙමළ ධිවරයින්ට පමණක් මුහුදු යෑමේ දී අවසර පත් ලබා ගැනීමට සිදුව ඇති බවත් තවත් වාර්තාවක සඳහන් වේ.
මෑත සිට දෙමළ ජනමාධ්‍ය විසින් මෙවැනි පුවත් සහ උතුර මිලිටරිකරණය කීරීම නිසා පැන නැගී ඇති ප‍්‍රශ්ණ දිගින් දිගටම වාර්තා කිරීම ද දැක්ක හැකි ය. දරුණූ වාර්ගික ධ‍්‍රැවීකරණයකට ලක්ව ඇති ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ධාරවේ සිංහල ජනමාධ්‍ය මෙම තොරතුරු කිසිවක් වාර්තා කරන්නේ නැත.
ජාතික සාම සම්මේලනය විසින් පහසුකම් සළසන ලදුව උතුරෙහි ජනමාධ්‍යවේදීන් 30 දෙනෙකු පසුගිය දා දකුණේ සංචාරයක නිරත වූහ. ඔවුන්ට දකුණේ සිංහල මාධ්‍ය කොපමණ අවස්ථාවක් දී තිබුණේ ද කියා දැන ගන්නට නැතත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී සිටිය ප‍්‍රශ්ණ වාර්තා කරන ලෙස දකුණේ ජනමාධ්‍ය කෙරෙන් ඔවුන් ඉල්ලා සිට තිබුණි. ජාතික සාම මණ්ඩලයේ පුවත්පත් ප‍්‍රකාශයකින් කියැවුණේ කිළිනොච්චියේ පැවැත්වෙන අමාත්‍ය  රැුස්වීම් සහ ජනාධිපති සංචාර යනාදිය පමණක් නොව මහා ජනයාගේ ප‍්‍රශ්ණ ද වාර්තා කරන ලෙස එම ජනමාධ්‍ය කණ්ඩායම ඉල්ලා සිටි බව යි.
යුද්ධාවසානයෙන් පසු සිය වාසභුමි මත ඇති මිලිටරිකරණය අවම වනු  ඇතැයි වූ අපේක්ෂාව ඉටු වනු වෙනුවට යළි මිලිටරිකරණය වෙමින් තිබීම සිය කණස්සල්ලට හේතු වී ඇති බව මෙම ජනමාධ්‍ය පිරිස ද පෙන්වා දුන්හ. ජාතික සාම මණ්ඩලය ද කියා සිටින්නේ  උතුරෙහි යුද බලය තව දුරටත් ඉහළ නැවෙනු ඇති බවටත් සෙබළු පවුල්වලට උතුරෙන් නිවාස සහ ඉඩම් ලබා දෙනු ඇති බවටත් ආණ්ඩුව ප‍්‍රකාශ කර ඇති බව යි.
මේ අතර දෙමළ ජනයාගේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්ණය වන තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ අවශ්‍යතාවයට පිළිතුරක් ලෙස  කවර හෝ අන්දමක සැබෑ බලය බෙදා හැරීමකට යුද්ධාවසානයෙන් මාස 15කට පසුත් පසු ලංකාණ්ඩුව කිසිදු පියවරක් තවම තබා නැත. එවැනි සූදානමක් හෝ පෙනෙන්නේ ද නැත. එම පසුබිමෙහි මෙම උත්සන්න වන මිලිටරිකරණය තැබූ විට පෙනී යන්නේ දෙමළ ජනයා මත යුද්ධමය පාලනයක් ගෙන යෑම ආණ්ඩුවේ අපේක්ෂාව බව යි.
යුද්ධාවසානයෙන් පසු අපේක්ෂිත සාමය ගොඩ නැගීම ශ‍්‍රී ලංකාවේ සිදුව නැති බවට ලොව මහත් පිළිගැනීමක් ඇති ”වයෝවෘද්ධයන්ගේ කණ්ඩායම” (නෙල්සන් මැන්ඩෙලා, අග‍්‍රරාජගුරු ඩෙස්මන් ටූටු, හිටපු එ.ජා. මහලේකම් කොපි අන්නන්, හිටපු ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්, හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්, හිටපු පින්ලන්ත අගමැති අතිසාරී යනාදීන්* විසින් මෙම මස 03දින නිකුත් කරන ලද ප‍්‍රකාශය විසින් පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ දැන් අලූත් වටයකින් අන්තර් ජාතික ක්ෂේත‍්‍රය කරා ගමන් කරමින් ඇති අන්දම යි. ඔවුන් කියා සිටියේ ලෝකය ශ‍්‍රී ලංකාවේ පවතින මර්දනකාරී තත්ත්වය පිළිබඳව මීට වඩා උනන්දු විය යුතු බව ය. ඒ උතුරේ ජනමාධ්‍යවේදීන් දකුණට කී පණිවිඩයම නොවේ ද?
විමල් වීරවංශ සහ මර්වින් සිල්වා වැනි රාජ්‍ය නායක දේශපාලනඥයින් විසින් ශ‍්‍රී ලංකාව පිලිබඳ ඇති මෙම නිශේධාත්මක ප‍්‍රතිරූපය තව තවත් ඉහළ නංවයි. කිසිදු නඩු විබාගයකින් තොරව රාජ්‍ය නායකයින් විසින් රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියේ ගස්බැද දඩුවම් දෙන රටක් සමස්ත ලෝකයටම ඇත්තේ ශ‍්‍රී ලංකාව පමණකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වටලා ගිනි තබා ගන්නා බවට තර්ජනය කරමින් තොවිල් නටන රාජ්‍ය නායකයින් ඇත්තේ ද මුලූ ලෝකයට ම ශ‍්‍රී ලංකාවේ පමණ ය.
රාජ්‍ය නායකයින් වන වීරවංස සහ සිල්වා උතුරෙහි පවතින යුද්ධ පාලනය දකුණේ දේශපාලනය තුළ පිළිඹිඹු වන එක් මානයක් පමණි. සරසවි ශිෂ්‍යයින් මරා දැමීමේ සිට ඊනියා පාතාලයින් මරා දැමීම,  කොම්පඤඤවීදියේ මුස්ලිම් ජනයාගේ නිවාස බුල්ඩෝසර් කිරීමේ සිට අම්පාරේ බෞද්ධ පන්සල් උගුලූවා දැමීම, පොන්සේකා සිරගත කිරීමේ සිට සිරිමල්වත්ත දංගෙඩියට කැඳවීම යනාදී සියල්ල සිදුවන්නේ තවම රට බේරා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ ය.
උතුරේ ජනයා මිලිටරිකරණයට යටකර දකුණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා ගත හැකි යැයි තවමත් අප කල්පනා කරන්නේ ද?
2010.07.08
වසරකට පසු උතුරේ දෙමළ ජනයා
සුනන්ද දේශප‍්‍රිය
”ප‍්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි”
”යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ”
”ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා  -  ගෝඨාභය”
”එ.ජා. මහලේකම්ගේ ශ‍්‍රී ලංකා කමිටුවට ජපානයේ සහයෝගය”
ඉහත දැක්වෙන අහඹු ලෙස තෝරා ගත් ජනමාධ්‍ය පුවත් මගින් පෙනෙන්නේ යුද්ධය අවසන් වී වසරකට පසු අපට අසන්නට කතාන්තර දෙවගයක් අසන්නට ලැබෙන බව යි. ආණ්ඩුවෙන් අසන්නට ලැබෙන්නේ යුද්ධය අවසන් වූ නමුත් එල්ටීටීඊ ය අවසන් නැති බව යි. එබැවින් මර්ධනකාරී අණ පනත්්, යුද බලය සහ ඔත්තුසේවා ශක්තිමත් කිරීම තවමත් අවශ්‍ය බව යි. ප‍්‍රභාකරන්ගේ ජායාරූපය පවා සළකනු ලබන්නේ අනතුරක් සහ තර්ජනයක් ලෙස ය.
අනෙක් බොහෝ පාර්ශවයන්ගෙන් අසන්නට ලැබෙන්නේ වන්නියේ යළි පදිංචි කරන ලද ජනයාගේ ජීවන තත්ත්වය ඛේදනීය බව යි. එම ජනයා යුද්ධයේ අවසන් දවස්වල මුහුණ දුන් යුද්ධමය ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නිසි පිළිියම් තවම යෙදී නැති බවයි. එමෙන්ම මෙම ජනයාට දකුනේ ජනයා භුක්ති විදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වත් නැති බව යි.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය මාස කිහිපය පුරා උතුරේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සම්බන්දයෙන් මැදිහත්වීමට දරණ ලද උනන්දුව ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කේන්තියට හේතු වූ බව දක්නට ලැබුණි. වන්නියේ යළි පදිංචි කරන ලද ජනයා හමුවීම පිනිස ගිය ජවිපෙ නියෝජිත පිරිසට කිලිනොච්චියේ දී යුද හමුදා ප‍්‍රධානීන් කියා සිටියේ ඒ 9 පාරෙන් එපිටට යාමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු බව යි. ඒ නොසළකා එහි ගිය ජවිපෙ නියෝජිත පිරිස එහි ජනයා සමඟ කතා බව කිරීමෙන් පසු කියා සිටියේ සෑම පවුලකම අයෙක් යුද්දයෙන් මරණයට පත්ව හෝ අතුරුදහන්ව හෝ ඇති බව යි.
පසුගිය 16 දින යාපනයේ පැවැති පුවත්පත් සාකච්ජාවක දී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මෙසේ කීවේ ය: ” අපට හමු වූ බොහෝ දෙනෙකු තමන්ගේ ආදරවන්තයින් මිය ගොස් ඇත් ද, අතුරුදහන්ව ඇත් ද හෝ සිරබාරයේ සිටින්නේ ද කියා දන්නේ නැත. සිය ආදරවන්තයින් සිරගතව සිටින බව දන්නා අය ඔව්නට එරෙහිව ඇති චෝදනා මොනවාදැයි දන්නේ නැත. එළෙස කදවුරු ගත කොට ඇති අයවළුනට විරුද්ධව නීතිමය පියවර කවදා ගනු ඇත්දැයි ඔව්න් දන්නේ ද නැත. අපරාධ කර ඇති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමත් අනෙක් අය නිදහස් කිරීමත් ආණ්ඩුවේ වගකීම ය.” ආරක්ෂ ලේකම්වරයා ජවිපෙ උතුරේ ජනයා අවුස්සන බව කියා සිටියේ දෙමළ ජනයාගේ අපේක්ෂා ගැන ජනතා විමුක්ති පෙරමුණේ මෙම ප‍්‍රකාශයෙන්  පසුව ය.
අන්තර් විශ්ව විද්‍යාල බළ මණ්ඩලය මෙයට මාස දෙක තුනකට පෙර කරුණූ සහිත දීර්ඝ ප‍්‍රකාශයක් කරමින් නඩු නොපවරා දීර්ඝකාලයක් සිර ගත කර ඇති දෙමළ තරුණයින් පිළිබඳව ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා ය. යාපන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170ක් අතුරුදහන්ව ඇතැයි හෝ තොරතුරක් දැන ගන්නට නැතැයි එය මෑතදී ප‍්‍රකාශ කළේ ය. පසුගිය සතියෙහි යාපන සරසවි සිසු සිසුවියන්ට ආධාර රැුගෙන ගිය අවිශිබම නියෝජිත කණ්ඩායමට යාපන සරසවියට ඇතුල් වීම ආණ්ඩුවේ බලධාරීන් විසින්  තහනම් කරන ලදී.  කොළඹ දිනපතා පුවත්පතක් එම සිදුවීම සහමුලින්ම විකෘති කොට වාර්තා කළේ ”යාපනයේ දී අවිශිබම සිසුන්ට ප‍්‍රහාරයක්” යනුවෙනි.
මෙම සිදුවීම් දෙක අපට එක් කරුණක් පෙන්වා දෙයි. එනම් යුද්ධයට සිය සම්පූර්ණ සහාය දුන් ජවිපෙ වැනි දේශපාලන පක්ෂයක් පවා උතුරු දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සහ අවශ්‍යතා ගැන කටයුතු කිරීම රාජපක්ෂ ආණ්ඩුව නොරුස්සන බව යි. ඒ  උතුරු දෙමළ ජනයාගේ නොවිසඳුණු ප‍්‍රශ්ණ ප‍්‍රසිද්ධියට පත් වීම  තර්ජනයක් ලෙස ආණ්ඩුව සළකන නිසා විය යුතු ය. වසරක් ගෙවී යෑමෙන් පසුත් උතුරේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් ආණ්ඩුව සළකන්නේ මෙළෙස නම් ඉන් අදහස් වන්නේ කුමක්ද?
යාපනයෙන්  සහ වන්නියෙන් ලැබෙන ආරංචිවලින් දැක්වෙන්නේ යුද්දයෙන් පසු ප‍්‍රජාවක් ලෙස දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණ විසදීමට ආණ්ඩුව අසමත් වීම කෙරෙහි එම ජනයා එන්න එන්නම කළකෙරෙමින් සිටින බව යි. එල්ටීටීඊ ය කෙරෙහි වූ කළ කිරීම වෙනුවට දැන් එම ජනයාගේ වැඩිම කළ කිරීම ඇත්තේ ආණ්ඩුව කෙරෙහි බව පවසන පිරිස් ද සිටිති. ඔව්හු මෙයට හේතු වශයෙන් දක්වන කරුණු ගණනාවකි.
ප‍්‍රධාන කරුණ නම් යළි පදංචි කරන ලද ජනයාට හරියාකාර සහායක් ලබා දීමට ආණ්ඩුව දිගින් දිගටම අසමත් වීම යි. එමෙන්ම එම ජනයාගේ මියගිය, අතුරුදහන් වූ සහ අත් අඩංගුවේ සිටින නෑසියන් පිළිිබඳව සොයා බැලීමට සහ යුක්තිය ඉටු කිරීමට වසරක් ඉක්ම යෑමෙන් පසුත් ආණ්ඩුව අසමත්ව සිටීම යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයකු වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරීට පවා වන්නි ජනයාගේ ඛේදනීය තත්ත්වය ගැන කතා කිරීමට සිදුව තිබෙන්නේ එනිසා ය.
තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ උතුරු පුරා ඇති දැවැන්ත මිලිටරිකරණය යි. යුද්ධ කාලයේදීටත් වඩා දැන් එම ප‍්‍රදේශ මිලිටරිකරණය වී තිබේ. කවර ජනතාවක්වත් මිලිටරි පාලනයක් යටතේ ජීවත් වීමට කැමැති නැත. යුද්ධයට වසරක් පිරීම නිමිත්තෙන් මියගිය දෙමළ ජනයා වෙනුවෙන් අනුස්මරණ උත්සව සංවිධානය කළ ආගමික නායකයිනට මරණ තර්ජන පවා එක එල්ලේම කරන ලද අවස්ථා වූ බව එම ආරංචි මාර්ග සනාථ කරයි. උතුරෙහි එදිනෙදා ජීවිතය පාලනය කරනු ලබන්නේ තවමත් සන්නද්ධ හමුදා මගිනි.
තවත් එවැනිම කරුණක් වන්නේ බලහත්කාරයෙන් සිංහළ බෞද්ධ සංස්කෘතිය මෙම ජනයා මත බලයෙන් පැටවීමට දරණ උත්සාහය යි. දෙමළ වන්නියේ පාරවල් සඳහා සිංහල නම් දී තිබීම අනුමත කරන එකම දෙමළ වැසියකුවත් සිටිය හැකි ද? එම ජනයා මත බලයෙන් වෙසක් උත්සවයක් පැණවීම බුදුදහමට පමණක් නොව සාමාන්‍ය අවබෝධයටවත් ගැලපෙන්නේ නැත. කිලිනොච්චියේ ප‍්‍රධාන මංසන්ධියෙහි බුදු සසුන බැබලේවා යනුවෙන් ස්ථිර තොරණක් ඉදි කර තිබෙන්නේ දෙමළ ජනයා වෙනුවෙන් ද? එසේ නැත්නම් දෙමළ ජනයා මත සිංහල බෞද්ධ ආධිපත්‍ය ඇති බව පෙන්වීමට ද? ඉරණමඩු වැව ආසන්නයේ වන හින්දු කෝවිල අසළ යුද හමුදා කදවුරක්ද පන්සලක් ද ඉදි කිරීම දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට මඟක් ද ? සිත් පෑරවීමට මඟක් ද? බෞද්ධයින් ජීවත් නොවන මෙම දෙමළ ප‍්‍රදේශයන්හි පන්සල් ගොඩ නඟා බෝගස් හිඳුවීම යුද්ධමය ජයග‍්‍රහණය ආගමික සහ සංස්කෘතික ආධිපත්‍යයක් බවට වර්ධනය කිරීමකි. එමගින් දෙමළ ජනයා තව තවත් ඈත්වනවා මිස සංහිදියාවක් ඇති වන්නේ නැත.
යුද්ධයෙන් වසරකට පසු සිදුව ඇත්තේ උතුරෙහි දෙමළ ජනයා ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් තව තවත් ඈත්වීම මිස එය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීම නොවේ. ක්ෂමාලාපක වන්දිභට්ටයින් විසින් ‘විමුක්තිය ලද’ උතුරු දෙමළ ජනයාගේ ජීවිතය ගැන අලංකාර කතාන්තර ලියා පළකරනු ඇතිමුත් ඇත්ත යථාර්තය තිත්ත ය. දෙමළ ජනයාගේ සිත් සතන් තේරුම් ගෙන සැබෑ සංහිදියාවක් කරා ගමන් කිරීම අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයා සම්බන්ධයෙන් සිය ආකල්පය පාරවල් සෑදීමේ සිට සිතහැදීම කරා වෙනස් කර ගත යුතු ය. ඒ සඳහා දේශපාලන සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය ය. පෙනෙන විදියට වත්මන් පාලනයට එවැනි අවබෝධයක් හෝ අවශ්‍යතාවයක් නැත එය තවම ජීවත් වන්නේ වන්නියේ යුදබිමේ වෙඩි බෙහෙත් ගඳ උරා බොමිනි. යුද්ධ මානසිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මානසිකත්වයට මාරුවීම දුෂ්කර නමුත් සැබෑ සංහිදියාවක් සඳහා අත්‍යවශය ය. වසරක් ගෙවුණු තැන ආණ්ඩුව ඉගෙන ගත යුතු පාඩම එය යි.
ප.ලි.
මෙම සටහන ලියන අතර තුර වාර්තාවන්නේ යුරෝපා සංගමය ජීඑස්පී සහනය තවත් මාස හයකට දිගු කිරීම පිණිස ආණ්ඩුවෙන් මානව හිමිකම් තත්ත්වය වැඩි දියණූ කිරීම පිණිස නිශ්චිත පොරොන්දු ඉල්ලා ඇති බව යි. එමෙන්ම එ.ජා. මහ ලේකම් ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම්  සම්බන්ධ සිය විශේෂඥ මංඩලය පත් කර ඇති බව යි. මෙම කරුණූ දෙකම අපට පෙන්වන්නේ යුද්ධ ජයග‍්‍රහණයේ  ආනුභාවය මත පමණක් රාජ්‍ය පාලනය කරගෙන යාම වත්මන් ලෝක තත්ත්වය යටතේ අප‍්‍රායෝගික බව යි. යුද්ධයෙන් විපතට පත් ජනයාගේ දුක්ගැනවිළි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී පිළිවෙත් මගින් බැටකන සමස්ත ශ‍්‍රී ලාංකික ජනයාගේ ප‍්‍රශ්ණ ලෝක දේශපාලන තලය මත රැුව් පිළි රැුව් දීම වැළැක්වීමට යුද්ධ ඝෝෂා අප‍්‍රමාණවත් බව දැන්වත් තේරුම් ගත යුතුය.
27’06’2010
34 journalists killed, says JDS
A new organization formed by recently exiled media workers from Sri Lanka have expressed serious concern about 34 journalists and media workers who they say have been killed “with no recourse to justice” since the current government was formed.
In a press release, Journalists for Democracy in Sri Lanka (JDS) state that “people of Sri Lanka are deprived of their right to information and media, and journalists are forced to practise unprecedented levels of self censorship”.
Since the United Peoples Freedom Alliance (UPFA) government came into power in April 2004 with the present President Mahinda Rajapaksa as its prime minister, there has been an increase in killings, abductions, intimidation and threats against journalists and the media, JDS said.
It has resulted in more than 50 journalists leaving the country due to fear of persecution.
The organisation had also published a list of 34 media workers killed since 2004.
When asked why the organisation is blaming the government since the Tamil Tigers were blamed for some of the killings, the coordinator of JDS, Rohitha Bashana Abeywardhana said, “The Tamil Tigers no longer exist, it is the responsibility of the government to investigate the killings and find the perpetrators. Since that is not done, we have no one else to blame”.
JDS supports the 11-point plan put forward last week by International Press Freedom Mission to redress the press freedom environment in Sri Lanka.
The organisation calls upon the United Nations, governments and other international organisations to put pressure on the Sri Lankan government “to end the culture of impunity and to bring the perpetrators of these crimes to justice.”
JDS is a group of journalists, writers, artists and human rights defenders who having left Sri Lanka, convened recently in Europe and campaign for human rights and media freedom in Sri Lanka.
Source : BBC
PRESS RELEASE (Read on tree Language)
English :-PDF
Tamil    :- PDF
Sinhala :- PDF
Source :  Srilankandiaspora.wordpress.com