< Browse > Home / Sinhala / Blog article: දේශපාලන සිරකරුවෝ 17 වැනිදා සිට මාරාන්තික උපවාසයකට සැරසෙති

| Mobile | RSS

දේශපාලන සිරකරුවෝ 17 වැනිදා සිට මාරාන්තික උපවාසයකට සැරසෙති

May 17th, 2012 | No Comments | Posted in Sinhala

ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම් තමන් නිදහස් කරන ලෙසයි. මෙලෙස කිසිදු නෛතික තත්ත්වයක් වෙත යෙමු නොකරමින් සිටීමට විරුද්ධව තමන් මැයි මස 17 වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටී. 
 
මෙම තත්ත්වය ඉතා ඛේදජනක තත්ත්වයක් බවත් මීට පෙරද මෙවැනි උපවාස ක්‍රියාමාර්ග සඳහා යොමුවුවද ඒ මොහොතේදී දේශපාලඥයන් සහ ඉහළ බලධාරීන් පොරොන්දු ලබාදුන්නද ඒ කිසිවක් ඉටුනොවූ බව ඔවුන් අවධාරණය කර සිටී.
 
ඔවුන් සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සහ සමාජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සාධාරණය සහ නිදහස උදෙසා සිදුකරන මේ අරගලයට සහයෝගය දක්වන ලෙසයි.

Related Posts

Leave a Reply 136 views, 1 so far today |

Related Posts

Leave a Reply