වහසි බස්, පම්පෝරි සහ සම්ප‍්‍රප්ප‍්‍රලාප.
වහසි බස්වලින් මෙන්ම, සම්ප‍්‍රප්ප‍්‍රලාප හෝ පම්පෝරි ගැසීම්වලින් ද මනුෂ්‍ය ජීවිතයට අයහපතක්. අවැඩක් මිසක යහපතක් නම් සිදු නොවේ. බුදු බනේ පවා ඒ ගැන සඳහන් කර ඇත්තේ එබැවිනි. සාමාන්‍යයෙන් මිනිසුන් මෙසේ පම්පෝරි ගැසීම හෝ වයසි බස් දෙඩවීම් කරන විට සමාජයේ අන් අය ඔවුන් දෙස බලන්නේ නුරුස්නා බවත් සහ පිළිකුලක් පෙරදැරි කර ගෙනය. ඒ මෙම අයහපත් ගුණාංග සමාජය ප‍්‍රතික්‍ෂේප කරන බැවිනි.
නමුත් වහසි බස් සහ පම්පෝරි යම් කිසි රටක දේශ පාලනයේ සහ රට කරවන්නන්ගේ දේශපාලන හරය බවට පත් වූ විට එම රටට සිදු විය හැක්කේ කුමක් ද? කනගාටුවට මෙන් ලාංකීය දේශපාලනයේ ගාමක බලය වී ඇත්තේ මෙසේ කරන කියන පම්පෝරි, වහසි බස් සහ සම්ප‍්‍රප්ප‍්‍රලාපයන් ය. රට කරවන්නන්ගේ පහළ ඉස්තරවල සිට ඉහළම මණ්ඩලය වන කැබිනට් මණ්ඩලය පවා මුව විවර කළ විට ගලා එන්නේ එක්කෝ පම්පෝරිය. නැතිනම් වහසි බස්ය. එසේත් නැතිනම් සම්ප‍්‍රප්ප‍්‍රලාපය.
ඇත්තෙන්ම, වහසි බස් සහ පම්පෝරි ගැසීම් ලංකා සමාජය තුළ සුලබ දෙයකි. ලංකා සමාජයේ පහළම සිට ඉහළට ම මෙය පැතිරී ඇත.
ගමේ ගොඬේ අයකු ‘‘වරකො ගේ ළඟින් යන්ඩ. කඩනව තොගෙ හතර හන්දි’’ නැතිනම් ‘‘අඩෝ මේ වැයික්කියෙ (මේ ගමේ, මේ ටවුමෙ, මේ හන්දියෙ, මේ කැලනි පුරේ* මට ඉහළින් යන්න එකෙක් නෑ බොල’’ නැතිනම් ජනපි‍්‍රයම ලෙස ‘‘තොගෙ අම්මට අහවල් එක කරනව බොල’’ (අම්මා බුදු වේවා පතන අතරම*.
‘‘මේ නගරේ නිල් කොඩි විතරයි. කොළ කොඩි, රතු කොඩිවලට ආවොත් කම්මුතු කරනවා’’, ‘‘මිනිහා ඒ විදියට සාක්කි දුන්නොත් අපි මිනිහව එල්ලනවා’’, ‘‘මම දුටුගැමුණු පරපුරෙන් පැවතෙන මිනිහෙක්’’ ආදී ලෙස පම්පෝරි සහ වහසි බස් බිනීම් සමාජයේ ඉහළ පහළ වෙනසක් නොමැතිව පැතුරුනු රෝගයක් වැනිය.
එත් යමකු පම්පෝරි ගසන විට බොහෝ විට පෙර දී ලංකා සමාජය එය නොරිස්සීය. ඒත් දැන් එය වෙනස් අතකට පෙරළී ඇත. මේ හිස් වචන, අප‍්‍රසන්න වහසි බස් අද වඩ වඩාත් පිට වන්නේ රට කරවන දේශපාලන නායකයින්ගේ මුවින්ය. සමාජය ඒවාට ඔල්වරසන් දෙමින්, විසිල් ගසමින්, අත්පොළසන් දෙති. ඒ අත් පොළසන් හඬින් ගිනි කන වැටෙන මෙම දේශපාලනඥයන් ඉවත් බවක් නොමැතිව තව තවත් වහසි බස් සහ පම්පෝරි ගසති. එකකු එසේ කරන විට අන් දේශපාලනඥයන් ද තරගයට මෙන් ඒ අනුකරණය කරති. අත්පුඩි ගසන, විසින් ගසන ගෝලබාල පිරිස පවත්වා ගැනීමට ඔවුනට පඬුරු පාක්කුඩම්වලින් සංග‍්‍රහ කළ යුතුය.
මේ දේශපාලනඥයන් ඒ සඳහා මහජන දේපළ තම පුද්ගලික දේපළ මෙන් පරිහරණය කරති. තමන්ගේ ‘‘යැපුම් මාධ්‍යය’’ වන මේ මැති ඇමතීන් ආරක්‍ෂා කිරීමට ගෝලබාලයන් තම දිවි වුවද දීමට පසුබට නොවෙති. රටේ දේශපාලනය, නැතිනම් මේ අගතිගාමී වංචා කිරීම් ප‍්‍රශ්න කිරීමට ලක් කළ විට එම තැනැත්තා හෝ තැනැත්තිය හතුරෙකු, ද්‍රෝහියෙකු ලෙස නම් වන අතර, ඔහු හෝ ඇය මේ ගෝල බාලයින්ගේ අතවරයට ලක්වෙති. මෙසේ එකින් එකට ඇමුනුනු මාලයක් මෙන් එකට ඈදී ඇති මේ අගති කි‍්‍රයාදාමය ප‍්‍රශ්න කරන්නේ කී දෙනෙක් ද? එසේ ප‍්‍රශ්න කිරීමට උවමනාවක් ඇත්තේ කීයෙන් කී දෙනකුට ද?
තම දේශපාලන විරුද්ධවාදීනට එරෙහිව වහසි බස් දෙඞීම ලංකා දේශපාලනයට කලක සිටම හුරු වී ඇති දෙයකි. නමුත් එය රාජ්‍යය කරවන්නන්ගේ ප‍්‍රධාන හරයක් බවට මින් පෙර පත් වී නොතිබුණි. ඕනෑම දේශපාලන කාරණයකදී එහි අඩංගුව ගැන කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට, එහි මූලික හේතූන්ට විසඳීම් දීම වෙනුවට එක්කෝ පම්පෝරි නැතිනම් සම්ප‍්‍රප්ප‍්‍රලාප දොඩති. සතුරකු මවාගත හැකි නම් වහසි බස් බිනිති. මේවා දෙස බලන ලංකා සමාජයේ වැඩි දෙනෙකු පමණක් නොව, ආචාර්ය මහාචාර්යවරු ද ඒ වාගේම චීවරධාරීන් ද එක් වී ඔල්වරසන් දෙති. මේ පහත් කි‍්‍රයාවන් හිස් මුදුනින් අනුමත කරති.
ලංකාවේ බුද්ධිමතුන් එක්කෝ තම ස්වාර්ථය හමුවේ තම බුද්ධිය පොල්කටුවලින් වසා මුනිවත රකිති. එසේ නැතිනම් ඔවුනට මුව විවර කිරීමට නොහැකි වන ලෙස මුඛවාඩම් දමා ඇත.
එසේ නැතිනම්, මුළු රටක්ම ගොනාට අන්දා ඇති අවදියක තක්කඩි දේශපාලණඥයන් ජනතාවගේ බුද්ධියට අගෞරව කරන අවදියක දේශපාලනඥයන්්ගේ උද්දඡ්ච වහසි බස්වලින් සහ පම්පෝරි ගැසීම්වලින් රටේ ජනතාවම ජාත්‍යන්තර අපකීර්තියට ලක් කරන අවදියක සිහියක් ඇති බුද්ධිමතකුට නම් මුව විවර නොකර සිටිය නොහැකිය.
රට තුළ දේශපාලන ප‍්‍රතිමල්ලවයින්ට එරෙහිව ගමේ චන්ඩි මෙන් වහසි බස් දෙඞීම, පම්පෝරි ගැසීම හානිදායක වන්නේ සමාජයේ ශිෂ්ට සම්පන්න බවට නිගරු කිරීමට හා වසර දහස් ගණනක ශිෂ්ටාචාරය තුළින් ලබා තිබූ සමාජ ගුණ ධර්ම සහ හැදියාව කෙළෙසා දැමීමට පමණි. නමුත් මෙම වහසි බස් සහ පම්පෝරි ජාත්‍යන්තර තලයට ගෙන ඒම තුළින් මොවුන් සිදු කරන්නේ ලෝකය ඉදිරියේ රටක ජනතාවක් හෑල්ලූවට ලක් කිරීමකි. එයින් ගම්‍ය වන්නේ මොවුන්ගේ රාජ්‍යතාන්ති‍්‍රක බවකින් තොර පහත්, නොදියුණු මුග්ධ බවයි.
රට තුළ දේශපාලනයේ දී ජනතාව ගොනාට ඇන්දවීමට ඔවුන් දිගින් දිගටම මේ වැනි බාල වහසි බස් දේශපාලනයකට හුරු වී සිටිති. කාලයක්ම මෙසේ හැසිරීම තුළ ඔවුන් ඔවුන්ටම, ඔවුන්ගේ මේ කියමන්වලට ම තමන්ම මෝහ්නය වී ඇති බවක් පෙන්වයි. ඒ මෙම බාල වයසිබස් සහ පම්පෝරිවලට අනුගාමිකයන් කරන ඔල්වරසන් හඬ ඇසීමෙන් එයට වසීවීම තුළිනි. ඉතින් ඔවුනට මේ දේශපාලන කී‍්‍රඩාව කොතරම් ජීරණය වී ඇද්ද යන්න හොඳින්ම සනාථ කරමින් රට තුළට හුරු තම අනුගාමිකයන්ට ඉදිරිපත් කරන රංගනයම බෑන් කී මුන් මහතා පත් කළ විද්වත් කමිටු වාර්තාවට ප‍්‍රතිචාර ලෙස දක්විමන් සිටී.
තැනක ඇමතියකු ලේවලින් පෙත්සමක් අත්සන් කරති. තැනක බෞද්ධ භික්‍ෂූන් උපවාස කරති. තවත් තැනක මූන් මහතාගේ පඹයකු පුච්චා දමති. තවත් තැනක ඇමතිවරයකු බෑන් කී මූන්, නවනීදන් පිල්ලෙයි මෙන්ම, මේ විද්වත් කමිටුවත් පගාවට වැඩ කරතියි පවසති. තවත් ඇමතියකු විකල්ප එක්සත් ජාතීන්ගේ මණ්ඩලයක් ගොඩනැඟීමට අර අඳිති.
මේවායින් පෙන්නුම් කරන්නේ මෙම දේශපාලනඥයන් ජාත්‍යන්තරය සහ ජාත්‍යන්තර සංවිධාන ගැන තමන්ගේ වැටහීමේ ප‍්‍රමාණයයි. ඔවුන්ගේ ලෝකයේ කොතරම් පුංචි දැයි ඔවුන් ගෙන හැර පායි.
ඇත්ත නම් වාර්තාව ඉදිරිපත් කර ඇති කරුණුවලට තර්කාන්විත හෝ අර්ථාන්විත පිළිතුරක් මේ කිසිවකු ඉදිරිපත් නොකරන අතර ඔවුන් පුරුදු වහසි බසටම නතු වී සිටීමයි.
උගතකු වන විදේශ ඇමතිවරයා ද මෙම වාර්තාව සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්‍ෂේප කරන අතර, තවත් එවැනිම උගතකු වන සරත් අමුණුගම ඇමැතිවරයා පවසන්නේ, ‘‘අපි මේ වාර්තාව කියවනවා. කියවලා කුණු කූඩයට දානවා’’ කියායි.
මේ අතර රටේ ප‍්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා, ‘‘මාව විදුලි පුටුවට නග්ගන්නයි හදන්නෙ. හැබැයි මම ජාතිය වෙනුවෙන් හිනා වෙවී විදුලි පුටුවට නගින්න ලෑහැස්තියි’’ පවසති. එමෙන්ම, ‘‘උපන බිමට දා බිදුවක් – රට රකිනන ජන පව්රක්’’, ‘‘මම කිසිම ජගතකුට යටත් නොවෙමි. මොන බලවේගයක් ඉදිරියේවත් දන නමන්නේ නැහැ’’ කියා වහසි බස් දොඩති. පම්පෝරි ගසති. මේ කියන කාරණාවලට අඩංගුවක් නොමැත. ජනාධිපති විදුලි පුටුවට ගෙන යාමට කිසිවකු තැත් දරා නොමැත. නමුත් ලංකාවේ සිංහල සමාජය ගොනාට ඇන්දීම මෙවැනි කියමන් තුළින් කළ හැක. මේ හැමෝම මෙසේ වහසි බස්, සම්ප‍්‍රප්ප‍්‍රලාප සහ පම්පෝරරි ගසන්නේ ලංකා සිංහල සමාජය ඉලක්ක කර ගෙනයි.
සිංහල සමාජයට පත්තියන් වන මේ කියමන් ජාත්‍යන්තර තලයට ගෙන ඒම එතරම් නුවණක්කාර දෙයක් නොවෙති. කලක් තිස්සේම ජාත්‍යන්තරයට බැණ අඩ ගසා (කුඩා ළමුන් බිල්ලකු එතියි කියා තමන් තුළම සංත‍්‍රාස්ත‍්‍රයක් මවා ගනිමින් කූල්මත් වන්නා සේ* තමන් ද ති‍්‍රලක් ගනිමින් ජනතාවට ද ති‍්‍රලක් ලබා දී ජනතාව තමන්ගේ අතයට තබා ගැනීමට හුරු වී සිටින මොවුනට මෙවර යම් පමණකට හෝ වරදින බව පෙන්නුම් කරයි. ඒ මෙදා මේ ප‍්‍රශ්නය ජාතික තලයෙන් එපිට ජාත්‍යන්තර තලයට යොමු වී ඇති හෙයිනි. ගමේ චන්ඩිකම්වලට එහා ගිය ප‍්‍රතිකර්ම මෙදා ප‍්‍රශ්නවලට අවශ්‍ය වී තිබේ. ඒ අනෙකක් නිසා නොව, මේ විද්වත් කමිටුව පසුගිය සමයේ රට තුළ සිදු වූ දෙය මෙන්ම, දැනට සිදු වෙමින් පවතින දෙය ද අපක්‍ෂපාතීව ඉතා පැහිදිලව, විනිවිද පෙනෙන භාවයකින් යුතුව ඉදිරිපත් කර ඇති බැවිනි.
ඉතින් ඒ කාරණා ගැන සංගමයකින් යුතුව සංවාදාත්මකව අවධානයක් යොමු නොකර ඒ වෙනුවට ජාත්‍යන්තරයට සහ බැන් කී මූන්ට එරෙහිව වහසි බස් ගැසීම අවදානම් සහිත වන බැවිනි.
මිනිසුන් මරා දැමීමට එරෙහිව, යටපත් කිරීමට සහ වදයට පැමිණවීමට එරෙහිව කි‍්‍රයා මාර්ගයක් ගත යුතු යයි යෝජනාවක් ආ විට එයට එරෙහිව බෞද්ධ භික්‍ෂූන් පෙරට ඒම වටහා ගැනීමට බෞද්ධයකුට නම් නොහැකි වනු ඇත.
ඒත් ලංකාවේ දේශපාලනයට උවමනා විදියට නැටවෙන බලල් අන්ඩක් බවට ලංකාව තුළ බුද්ධාගමත් පත් වී ඇති බව මෙයින් නොපෙනේ ද?
අද ලංකාවට අවශ්‍ය වී ඇත්තේ මේ පම්පෝරි, වහසි බස් සහ සම්ප‍්‍රප්ප‍්‍රලාප දේශපාලනයෙන් රට මුදවා ගැනීමයි. ඒ සඳහා ඉදිරිපත් වන ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනඥයින් නැති තාක් කල් මේ අගති ගාමය පවතිනු ඇත.
පසුගිය දිනක අර්ල් ගුණසේකර ඇමතිවරයා පුෂ්පදාන බාළිකාවේ පැවැති ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පවසා තිබුණි. ‘‘මන්තී‍්‍රවරයකු වන්නේ නම් නරියකු සේ කපටි වී සිංහයකු සේ ආඩම්බර විය යුතුය.’’
අවාසනාවට ලංකාවේ අපිට උරුම වී ඇත්තේ මේ ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මැති ඇමැතිවරුන්ය. එපමණක් නොව, මින් සමහරු මේ ගුණයන්ට අමතරව පිස්සු බල්ලන් සේ සැහැසි වීමේ ගුණයට ද හිමිකම් කියයි.
- රංජිත් හේනායක ආරච්චි (බර්ටි රංජිත්*

