එ.ජා විද්වත් කමිටු වාර්තාවෙහි සාරාංශය – ‛‛ සිය මිලිටරි මෙහෙයුම ව්‍යාප්ත කළේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට මරු කැඳවමින් ය’’
2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ මහ ලේකම්වරයා නිකුත් කළ ප්‍රකාශයෙහි අන්තර්ගත වූ ඒකාබද්ධ කැප වීම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කළ බව 2010 ජූනි 22 දා මහ ලේකම්වරයා නිවේදනය කළේ ය. එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ දී, මහ ලේකම්වරයා “වග වීමේ ක්‍රියාවලියේ වැදගත්කම අවධාරණය කළ” අතර, “එම දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීමට පියවර ගන්නා බවට” ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ විය. මණ්ඩලය සතු විධිනියෝගය නම්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරවල් අතරතුර දී ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් සිදු වුණු බවට චුදිත උල්ලංඝනයන්හි ස්වභාවය සහ පරිමාණය සැලකිල්ලට ගෙන, වගවීමේ ක්‍රියාවලියකට අදාළව යොදා ගත හැකි ආකෘතීන්, ජාත්‍යන්තර මිනුම් දඬු සහ සංසන්දනාත්මක අත්දැකීම් පිළිබඳව මහ ලේකම්වරයාට උපදෙස් දීම යි.





